Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»කෝවිඩ් එන්නත් නිසා ලෝක ජනතාව දුර්ලභ රෝගාබාධ වලට ගොදුරු වන බව සොයා ගැනේ
World news

කෝවිඩ් එන්නත් නිසා ලෝක ජනතාව දුර්ලභ රෝගාබාධ වලට ගොදුරු වන බව සොයා ගැනේ

kumudikaBy kumudikaFebruary 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කොවිඩ් වයිරසය වැලඳීමෙන් සිදුවිය හැකි ජීවිත අවදානම තුරන් කිරීම සඳහා වසංගත සමයේදී ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනතාව ලබාගත් කොවිඩ් එන්නත් වර්ගවලින් හෘදය, මොළය හා රුධිර නාලිකා ආශ්‍රිතව දුර්ලභ රෝගාබාධ හටගැනීමේ අවදානමක් ඇතැයි විශේෂ පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පර්යේෂණ සඳහා සහාය වන ග්ලෝබල් වැක්සින් ඩේඩා නෙට්වර්ක් ආයතනයේ පර්යේෂකයන් ලොව පුරා රටවල් අටක කොවිඩ් එන්නත්කරණයට ලක් වූ මිලියන 99ක ජනතාව විශ්ලේෂණය කරමින් එම පර්යේෂණ වාර්තාව සකස් කර ඇති බවය.

ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනිකා වැනි සමාගම් විසින් නිපදවනු ලැබූ කොවිඩ් එන්නත් ඇතුළත්ව විවිධ කොවිඩ් එන්නත් වර්ග ලබාගත් ජනතාව එම විශ්ලේෂණය සඳහා යොදා ගෙන ඇතැයි ද බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කළේය.
එම පර්යේෂණ වාර්තාවට අනුව ස්නායු, රුධිර සහ හෘදය ආශ්‍රිත රෝගී තත්ත්වයන් සුළු වශයෙන් වැඩි විමට කොවිඩ් එන්නත්කරණය හේතු වී ඇත.

ඇස්ට්‍රාසෙනිකා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලැබූ කොවිඩ් එන්නත්කරණයෙන් මොළයේ රුධිර කැට ගැසීමේ අවදානමක් හඳුනාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම සමාගමේ නිෂ්පාදිත එන්නත් වර්ගය ලබාගත් පුද්ගලයන් තුළ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන ඉතා දුර්ලභ ස්නායු ආබාධයක් වන Guillain-Barre syndrome සහලක්ෂණ වර්ධනය වීමේ අවදානම 2.5 ගුණයකින් වැඩි බව ද හෙළි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉදිරි දින වලදී එමීර් රාජ්‍යයට වැසි සහිත කාලගුණයක්
Next Article පින්බර නවම් පොහොය අදයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.