Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදයි – සේවකයින් තාවකාලිකව රාජකාරියෙන් ඉවත් වෙයි
Sri Lankan news

ශ්‍රී ලංකන් ගුවන් ගමන් ප්‍රමාදයි – සේවකයින් තාවකාලිකව රාජකාරියෙන් ඉවත් වෙයි

kumudikaBy kumudikaFebruary 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් බොහෝ වරට ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක  ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් තමන්ට සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව පවසමින් අද (25 ) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් තාවකාලිකව සේවයෙන් ඉවත්ව ඇත. මේ බව සඳහන් කලේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා විසිනි.

මෙම තත්වය ” ගැලකට අධික ලෙස බර පැටවු විට , එම ගැලෙහි ගවයාට තවදුරටත් ඇදගෙන යා නොහැකි වූ විට , එම ගවයා එතැනම ඉද ගැනීමකට ” සමාන බව ජනක විජයපතිරත්න පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශාල සේවක හිගයක් පවතින බවත් , මේ වනවිට අත්දැකීම් සහිත පරිනත සේවකයින් විශාල වශයෙන් රට හැර ගොස් වෙනත් විදේශීය ගුවන් සේවාවන් සමග එක් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කලේය. මේ නිසා සිය වෘත්තීය සමිතිය මෙම ගැටළුවලට විසදුමක් ලෙස කඩිනමින් අත්දැකීම් සහිත පරිණත සේවකයින් ශ්‍රී ලංකන් සේවය වෙත බදවා ගන්නා ලෙසත් , දැනට ශ්‍රී ලංකන් ගුවන් සේවය සතු ගුවන් යානාවලට ගැලපෙන පරිදි නව ගුවන් ගමන් කාළසටහනක් සකස් කරන ලෙසත් ඉල්ලා සිටින බව ජනක විජයපතිරත්න පැවසීය . එමගින් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් වලක්වා ගැනීමට හැකි බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගල්ෆ් ව්‍යාපාර 2024 දී ද්විත්ව ඉලක්කම් අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරයි
Next Article වසරකට පාසල් සිසුන් ලක්ෂයකට ජනාධිපති ශිෂ්‍යත්ව
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.