Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා කලින් දින සහ වෙලාවන් වෙන් කරවා ගැනීම අනිවාර්ය කෙරේ
Sri Lankan news

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා කලින් දින සහ වෙලාවන් වෙන් කරවා ගැනීම අනිවාර්ය කෙරේ

kumudikaBy kumudikaMarch 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට ලබන සඳුදා (04) සිට දිනයක් හා වේලාවක් කලින් වෙන් කර ගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඊයේ (29) සඳහන් කලේය.

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසෙන ලෙස හෝ ස්වයංක්‍රිය දුරකතන සේවාව වන 011-2117116 ඔස්සේ සම්බන්ධ වන ලෙස ජනතාවට දැනුම් දෙන බව ද ඔහු කීවේය.

කොළඹින් පිටත සිට අමතන පුද්ගලයන් සාමාන්‍ය අංකය වන 2117116 සමඟ ප්‍රාදේශීය කේතය ඇතුළත් කළ යුතු වේ. 011-2117116 යන ස්වයංක්‍රිය දුරකතනයට අමතා අවශ්‍ය සේවා තේරාගත් පසු දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය ඇතුළත් කළ පසු සේවාව ගැනීම සඳහා දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවිඩයක් ලෙස ලැබෙන බව ඔහු ප්‍රකාශ කලේය. දෙපාර්තමේන්තුවට සේවා සඳහා පැමිණෙන ජනතාවගේ කාලය ඉතිරි කර ගැනීමටත් ප්‍රධාන කාර්යාලයට සහ අනෙකුත් ශාඛාවලට පැමිණෙන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කිරීමටත් මෙම තීරණය ගෙන ඇත.

එහිදී අදහස් පළ කරමින් ඒ මහතා මෙසේ ද කීවේය.

“මාර්තු 4 වැනිදා සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයිති සියලු කාර්යයන් ඉටු කර ගැනීමට කාර්යාලවලට පැමිණෙන සියලු සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමාට අදාළ වේලාවක් ඒ අදාළ දිනය තුළ වෙන් කරගෙන අදාළ කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයයි. මේකට ස්වයංක්‍රිය දුරකතන අංකයක් අප හඳුන්වා දීලා තියෙනවා. මේ දුරකතන අංකය වෙන්නේ 2 117 116. තමන්ට අවශ්‍ය සේවාව ලබා ගැනීම තෝරා ගත්තාට පස්සේ අවසානයේදී තමන්ගේ දුරකතන අංකය සහ හැඳුනුම්පත් අංකය තෝරාගන්න තියෙනවා. එය ඇතුළත් කරාම ඔබතුමාලට සෑම කෙනකුටම අයදුම්කරුගේ තියෙන දුරකතන අංකයට කෙටි පණිවිඩයක් ලැබෙනවා අදාළ කාර්ය සඳහා පැමිණිය යුතු දිනය වෙලාව සහ ස්ථානය සඳහන් වෙලා. ඊට අමතරව අප වෙබ් අඩවියක් හඳුන්වාදීලා තියෙනවා www.dmtappointments.dmt.gov.lk කියලා. වෙබ් අඩවිය හරහාත් එම පහසුකම ලබා ගැනීමේ හැකියාව අප ලබා දීලා තියෙනවා ” යැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ (NTMI) සභාපති දර්ශන අබේරත්න මහතා මෙහිදී පැවසුවේ විද්‍යුත් නාලිකා පද්ධතිය හරහා වෛද්‍ය පරීක්ෂණ සඳහා වෙන වෙනම දින සහ වේලාවන් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි. රියැදුරු බලපත්‍ර සඳහා වෛද්‍ය සහතික ලබා ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත පැමිණෙන පුද්ගලයන් සඳුදා සිට දිනයක් සහ වේලාවක් ලබාගත යුතු බව ද කීවේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMoHRE කම්කරු නවාතැන් පද්ධතියේ නව සංස්කරණයක් දියත් කරයි
Next Article H.I.V. නව ආසාදිතයින් වර්ධනය ඉහලට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.