Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට
Sri Lankan news

ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට

kumudikaBy kumudikaMarch 5, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීමට සූදානම්ව සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතාගේ එම ප්‍රකාශය ලබාගැනීම සඳහා හෙට (06) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (04) බන්ධනාගාරයට නියෝග කළාය. අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබා දීම සඳහා සැකකාර වෛද්‍ය සමන් රත්නායක මහතා ඊයේ (04) මහර බන්ධනාගාරය මඟින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණද සැකකරුගේ එම ප්‍රකාශයට අමතරව තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට (06) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාරයට නියෝග කර තිබුණි.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 127 වන වගන්තිය ප්‍රකාරව අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා සැකකාර සමන් රත්නායක මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ විනාඩි 20ක පමණ කාලයක් ඊයේ (04) ගත කර තිබූ බව අධිකරණයේදී වාර්තා විණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 03 වැනිදා රක්ෂිත භාරයට පත් කෙරුණු සැකකාර වෛද්‍ය සමන් රත්නායක මහතා මහර බන්ධනාගාරයේ රඳවා තැබුණු අතර බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (04) පෙරවරු 9 ට පමණ හෙතෙම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ. පසුව පෙරවරු 9.15ට පමණ අධිකරණ නිල කාමරයට රැගෙන ගිය සැකකරු විනාඩි 20ක පමණ කාලයක් එහි රැඳී සිටීමෙන් පසු පෙරවරු 9.45ට නැවත මහර බන්ධනාගාරය වෙත රැගෙන යනු දක්නට ලැබිණි. ඒ අනුව සැකකාර වෛද්‍ය සමන් රත්නායක මහතා හෙට (06) තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත් විණි.

මෙම සිද්ධියට අදාළව සැකකරුට මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බවට සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා ඉකුත් 02 වැනිදා නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේය.

ඒ අනුව හොඳින් සිතා බලා ස්වාධීනව කිසිදු බලපෑමකට යටත් නොවී එම ප්‍රකාශය ලබා දීම සඳහා අධිකරණයට ඉදිරිපත් වන ලෙසට මහේස්ත්‍රාත්වරිය සැකකරුට කළ දැනුම්දීමට අනුව ඊයේ (04) මහර බන්ධනාගාර නිලධාරීන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සැකකාර සමන් රත්නායක මහතා වෙනුවෙන් ඉකුත් නඩු දිනයේදී (02 වැනිදා) අධිකරණයේ පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා සඳහන් කර සිටියේ අදාළ සමයේදී ඖෂධ හිඟයක් රට තුළ නොමැති බවට පැමිණිල්ල සඳහන් කරනු ලැබුවත් එය අසත්‍ය කරුණක් බවයි.

ඉකුත් 2022 වසරේ අයවැයෙන් එම වසරට අදාළව ඖෂධ මිලදී ගැනීමට රුපියල් මිලියන 65,730 (අමෙරිකානු ඩොලර් මිලියන 331ක්) හි අගය ඩොලර් මිලියන 182ක් බවට පත් වූ බවත්, 2022 වර්ෂයේ රටේ පැවැති උග්‍ර ආර්ථික අර්බුදය හේතුවෙන් එම වසර පුරාවටම ඖෂධ මිලදී ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිකුත් කරන ලද සම්පූර්ණ මුදල රුපියල් බිලියන 48ක් වූ අතර එහි වටිනාකම ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13ක් පමණ වූ බවත් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ඩොලර් මිලියන 331ක ඖෂධ මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත නිදහස් කරන ලද මුදල වසර පුරාවටම ඩොලර් මිලියන 133ක් වූ බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉතා බැරෑරුම් තත්ත්වයකට පත් වූ බවද නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. අයවැයෙන් වෙන් කරන ලද මුදල ඩොලර් මිලියන 331ක අගය ඩොලර් මිලියන 133ක් දක්වා අඩුවීම තුළ ඒ වනවිටත් සාකච්ඡා කොට තිබුණු ඉන්දීය ණය යෝජනා ක්‍රමයෙන් ඩොලර් මිලියන දෙසීයක් ඖෂධ සඳහා වෙන් කිරීමට තීරණය කර තිබූ බවද නීතිඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

එම වසරේ අප්‍රේල් මැයි මාස වන විට අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 360 දක්වා අව ප්‍රමාණය වූ බවත් ඒ අනුව අය-වැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 65,730 ඒ වන විට නියම වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 18ක් දක්වා අඩුවී තිබූ බවත් සැකකාර සමන් රත්නායක මහතා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සැකකරුගේ දිවුරුම් ප්‍රකාශයක් උපුටා දක්වමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

ප්‍රශ්නගත ඖෂධ මිලදී ගැනීම් සඳහා පත්කළ තාක්ෂණික කමිටුවට සහභාගි වූ වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන මෙම නඩුවේ 09 වැනි සැකකරු ලෙස නම් කිරීමට ඉකුත් 29 වැනිදා නඩු දිනයේදී අධිකරණය තීරණය කළේය.

එමෙන්ම, මේ වන විට විදෙස්ගතව සිටින එම සැකකරු ජාත්‍යන්තර පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය.

බාල ඖෂධ ගෙන්වූ බව කියන අයුසුලේට් බයොටෙක් ෆර්මා සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියේජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් සමන් රත්නායක සහ වෛද්‍ය ජයනාත් බුත්පිටිය යන අයවලුන් මෙම නඩුවේ සැකකරුවෝ වෙති.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleFAHR විසින් එමීර් රාජ්‍යයේ ෆෙඩරල් බලධාරීන්ට රාමදාන් මස වැඩ කරන වේලාවන් නියම කරයි
Next Article එමීර් රාජ්‍යයේ සයිබර් ආරක්‍ෂක කවුන්සිලය සයිබර් ආරක්‍ෂාව සඳහා වන ජාතික ව්‍යාපාරය අරඹයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.