ලොව පුරා ෆේස්බුක්(Facebook) සමාජ මාධ්‍ය වේදිකාව අද රාත්‍රියේ සිට හදිසි ඇණහිටීමකට ලක්ව තිබේ.

සමාජ මාධ්‍ය දැවැන්තයෙකු වන Facebook හි මිලියන සංඛ්‍යාත පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් වෙත ප්‍රවේශ වීමට නොහැකි තත්වයක් උදා වී ඇත.

ඒ අනුව Facebook පරිශීලකයන්ගෙන් ජංගම දුරකතන යෙදුම හරහා සම්බන්ධවී සිටි සියලුම දෙනාගේ ගිණුම්වලින් කිසිදු දැනුම්දීමකින් තොරවම ඉවත්වීමක් (Logout) සිදුව තිබේ.

මීට අමතරව ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්අප් (Instagram & WhatsApp) යන සමාජ මාධ්‍ය වලද ගැටළු වාර්තා වී ඇත.

Share.

Comments are closed.