හින්දුබැතිමතුන් මහත් හරසරින් හා භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අද(08)ට යෙදී තිබේ. 
ඒ වෙනුවෙන් සිරිලක හින්දු බැතිමතුන්ද අද දිනයේ විවිධ පුද පූජාවන්හි නිරත විය.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දක්වූ දිනය ලෙසයි.

ලොව බලවත්ම දෙවියා කවුද යන්න පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මතගැටුමේදි  ශීව දෙවිදුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් ය. 

සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැත.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරයි. 

‍හින්දු බැතිමතුන් මහා ශීව රාත්‍රි දිනය ලෙස සමරන්නේ, ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත්කළ නැකත උදාවන දිනයේ ය.
මේ අනුව හින්දු බැතිමතුන් අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රීය සමරති.

Share.

Comments are closed.