Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සුදු මැස්සාගේ තර්ජනය නැවත වැඩි වන ලකුණු
Sri Lankan news

සුදු මැස්සාගේ තර්ජනය නැවත වැඩි වන ලකුණු

kumudikaBy kumudikaMarch 10, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රට තුළ පවත්නා වියළි කාලගුණික තත්වයත් සමඟ නැවතත් සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇති බව පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කරයි.

දැනට පුත්තලම දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශ කිපයක් නිරික්ෂණයට ලක් කරන ලද බවත්, එහිදී දංකොටුව, නාත්තන්ඩිය, මාරවිල නගරය අවට හලාවත, මුගුණුවටවන, ආරියගම, බත්තුලුඔය සහ මුන්දලම යන ප්‍රදේශයන්හී ස්ථාන කීපයක් පරික්ෂාවට ලක් කරන ලද අතර ඒ අනුව පරික්ෂිත ස්ථානවල විශේෂයෙන් පෙර පරිදිම පළමුව තැඹිලි සහ පොල් ගස් වලත්, සුදු මැස්සාගේ හානිය නැවත පවතින බව නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලත් සුදුමැස්සාගේ රෝගය ඇත්දැයි විමසිලිමත් වන ලෙස ද පොල් වගා කිරීමේ මණ්ඩලය පොල් වගාකරුවන්ගෙන් ඉල්ලිමක් කළේය.
පොල් වගාවේ සුදු මැස්සාගේ බලපෑම වාර්තා වී ඇති බැවින් එම තත්ත්වය සම්බන්ධව පොල් වගාකරුවන් වහාම දැනුම්වත් කර සුදු මැස්සා මර්දනය සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධව පුත්තලම් දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් හා පොල් වගාකරුවන් සමඟ එක්ව සුදු මැස්සාගේ ව්‍යාප්තිය හා ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ගයන් පිළිබඳව පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.
ඒ අනුව දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් සුදු මැස්සා පාලනය සඳහා නිර්දේශ කර ඇති කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කර ඇත.

ඒ යටතේ දැනට ප්‍රාදේශීය කාර්යාල සතුව පවතින කොහොඹ තෙල් පොල් සංවර්ධන නිළධාරින් හරහා වගාකරුවන් වෙත කඩිනමින් බෙදා හැරිමටත්, හානිය අධිකව පවතින ප්‍රදේශ හදුනාගෙන එම ස්ථානවල පොල් ගස් සඳහා කොහොඹ තෙල්, සබන් කුඩු මිශ්‍රණය ඉසිමත් මේ වනවිට සිදු කර ඇති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.
එසේම මේ පිළිබඳව පොල් වගාකිරිමේ මණ්ඩලයේ සියලුම ප්‍රාදේශිය කළමනාකරුවන්, ගොවිපල සැලසුම් නිළධාරීන්, ව්‍යාප්ති නිළධාරින් හා පොල් සංවර්ධන නිළධාරීන් කඩිනමින් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇත.

එහිදි ප්‍රාදේශිය කාර්යාල බල ප්‍රදේශයන්හි සුදු මැස්සාගේ හානිය පවතී ද යන්න පිළිබඳ පොල් සංවර්ධන නිළධාරීන් දැනුවත් කර එම හානිය වාර්තා වන ප්‍රදේශ හඳුනාගෙන ලිඛිතව පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත වාර්තා කරන ලෙසත්, ප්‍රාදේශීය කාර්යාල සතුව ඉතිරිව පවතින කොහොඹ තෙල් වගාකරුවන් වෙත ලබාදී ප්‍රාදේශීය කාර්යාල සතුව පවතිව බලවේග දියර ඉසින යන්ත්‍ර භාවිතා කර පොල් සංවර්ධන නිළධාරීන්ගේ අධික්ෂණය සහ තාක්ෂණික උපදෙස් අනුව අධිකව හානිය පවත්නා ප්‍රදේශ සඳහා කොහොඹ තෙල් මිශ්‍රණ ඉසීම කඩිනමින් සිදුකරන ලෙස දැනුම්දීම් සිදුකර තිබේ.

ඒ අනුව සුදු මැස්සාගේ හානිය පාලනය කිරිම සඳහා කොහොඹ තෙල් ලීටර් 3300ක් (කෑන් 200ක්) අවශ්‍යතාවය පවතින බැවින්, කොහොඹ තෙල් මිළ දී ගැනීමට ද පොල් වගා කිරීමේ මණ්ඩලය කටයුතු කර ඇත.

මේ වන විට තම ප්‍රදේශය තුළ සුදු මැස්සාගේ හානිය ඇතුළුව පොල් වගාවේ යම් රෝග පළිබෝධ තත්ත්වයන් පැතිරයමින් පවතීනම්, ඒ පිළිබඳව ලුණුවිල, පොල් සංවර්ධන පුහුණූ මධ්‍යස්ථානයේ ස්ථාපිත කර ඇති පොල් වගා ජාතික ආපදා කළමනාකරණ මෙහෙයුම් ඒකකය වෙත දුරකතන අංක 032-3135255 මඟින් දැනුවත් කිරිමට කටයුතු සිදුකර ඇත. එසේම පොල් පර්යේෂණ ආයතනයේ ක්ෂණික දුරකතන අංක 1228 හා ගන්නොරුව ජාතික කෘෂිකර්ම තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානයේ දුරකතන අංක 1920 ඇමතීම මඟින් ද සුදු මැස්සා හානිය පිළිබඳ තොරතුරු ලබා ගැනිමට පහසුකම් සලසා ඇත.

සුදු මැස්සා හානිය පාලනය සඳහා නිර්දේශිත කොහොඹ තෙල් මිශ්‍රණය කොහොඹ තෙල් මිලි ලීටර් 10, සබන් කුඩු ග්‍රෑම් 05, ජලය ලීටර් 01බැගින් යොදා සකස් කර ගත යුතු යැයි ද පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජා පාලකවරයා කල්බා හි එල්ලෙන උද්‍යාන විවෘත කරයි
Next Article 2024 ලෝක රූ රැජින චෙක් ජනරජයෙන්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.