Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකා බැංකුවේ නව සභාපති පුටුව කාවන් රත්නායක මහතාට
Sri Lankan news

ලංකා බැංකුවේ නව සභාපති පුටුව කාවන් රත්නායක මහතාට

kumudikaBy kumudikaMarch 15, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය බැංකුව වන ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස මෙරට කීර්තිමත් වෘත්තිකයෙකු වන කාවන් රත්නායක මහතා පත් කෙරුණු අතර, ඒ මහතා නව තනතුරෙහි වැඩ භාර ගැනීම 2024 මාර්තු 14 වන දා සුබ මොහොතින් සිදු විය. 2023 වසරේ ජනවාරි මස සිට ලංකා බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතීඥ රොනල්ඩ් සී. පෙරේරා මහතාගෙන් පසු ව මෙම නව පත් කිරීම සිදු කෙරිණි.

මෙරට රාජ්‍ය අංශයේ මෙන් ම පෞද්ගලික අංශය තුළ ද කීර්තිමත් වෘත්තිකයෙකු වන රත්නායක මහතා බැංකු හා මූල්‍ය, විදුලි සංදේශ, තාක්ෂණ, සංචාරක සහ මාධ්‍ය යන ක්ෂේත්‍ර පිළිබඳ ව මනා පළපුරුද්දකින් යුක්ත ය. රත්නායක මහතා වර්තමානය වන විට KBSL (Pvt) Ltd සහ Agility Innovations (Pvt) Limited යන ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර, ඒ මහතා ජයම් විජේරත්නම් භාරයේ සහ ඩයලොග් පදනමේ භාර කරු ලෙස ද කටයුතු කරයි.

ලංකා බැංකුවේ සභාපති තනතුරට පත් වීමට පෙර ජාතික සංවර්ධන බැංකුව (NDB), ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතනවල සභාපති තනතුරු දරා ඇති රත්නායක මහතා, ශ්‍රී ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසත්, කාගිල්ස් සිලෝන් පීඑල්සී සහ ඩයලොග් ආසියාටා යන සමාගම්වල සමූහ ප්‍රධාන ආයතනික නිලධාරීවරයා ලෙසත්, ඩයලොග් බ්‍රෝඩ්බෑන්ඩ් නෙට්වර්ක්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ IBM ශ්‍රී ලංකා හි මෙරට සාමාන්‍යාධිකාරී (Country General Manager) ලෙසත් සේවය කර ඇත.

ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකයෙකු ලෙස ද, ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇති රත්නායක මහතා, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
රිවර්සයිඩ් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ඇති රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සේවයෙන් 2023 දී එමිරේට්ස්  4 ක නව උපත් 10,414 ක්
Next Article රැඳවියන් රුපියල් මිලියන 116 ක් රටට උපයා දෙති
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.