ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයේ මැදිහත්කරුවන්ට නව සටන් විරාම යෝජනා ඉදිරිපත් කර ඇතැයි හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ හමාස් සංවිධානය සටන් විරාම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ සිව්වැනි වරට බවයි.
මානුෂීය ආධාර අපේක්ෂාවෙන් බලා සිටි පලස්තීන ජාතිකයන් පිරිසකට ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ පෙරේදා මිය ගිය බවත්, තවත් 150කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළහ. මේ දිනවල පැවැත්වෙන රාමදාන් උපවාස සමය සඳහා මානුෂීය ආධාර වැඩියෙන් අවශ්‍ය වී ඇති අතර, දකුණු ගාසා තීරයේ ආහාර බෙදා හැරීමේ මධ්‍යස්ථානයකට ද ඊශ්‍රායලයෙන් ප්‍රහාර එල්ල වීමෙන් පලස්තීන ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව ඇතැයි ද වාර්තා වේ.
එම ප්‍රහාරය සැලසුම් කරනු ලැබූ ප්‍රහාරයක් බව ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ගත වූ කාලය ඇතුළත පලස්තීනුවන් 31,341 දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද, තවත් පුද්ගලයන් 73, 134 දෙනකු තුවාල ලබා ඇතැයි ද ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇතැයි සඳහන් වේ.