Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 10 ක් රටට ගෙන එයි
Sri Lankan news

විදෙස්ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 10 ක් රටට ගෙන එයි

kumudikaBy kumudikaMarch 17, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම් 2048 වසරට පෙර රට ණය බරින් නිදහස් වීම අනිවාර්යයෙන් සිදුවන බවත් කම්කරු හා විදේශ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (16) පොළොන්නරුවේදී පැවසීය.

නුදුරේදීම ශ්‍රී ලංකාවට හිමි වන ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 10 ඉක්මවීමට නියමිත බව එහිදී කී අමාත්‍යවරයා විදේශගත ශ්‍රමිකයන්ගේ සහයෙන් රටට මෙම තත්ත්වයට ළඟා වීමට හැකි වූ බවද සඳහන් කළේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පුලතිසිපුරවර වැඩසටහන ඊයේ උදෑසන පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

විගමණික සේවක සේවිකාවන් ඇගයීම, විදෙස්ගත ශ්‍රමිකයන්ගේ පවුල්වල දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම, අමාත්‍යාංශයේ ‘ගරුසරු’ වැඩසටහනට සමගාමීව අසංවිධිත වෘත්තීන්වල ජාතික මණ්ඩල පත්කිරීම, කම්කරු දෙපාර්තමේන්තු නීති වෙනස් කිරීම හා මිනිස් වෙළඳාම යනාදී කාරණා පිළිබඳව දැනුවත් කිරීම, මාධ්‍යවේදීන් දැනුවත් කිරීම, බලපත්‍රලාභී රැකියා ඒජන්සි සමග සම්බන්ධ වීමේ අවස්ථා ලබාදීම, තරුණ තරුණියන් හෙට වැඩ ලෝකයට දැනුවත් කිරීම, ශ්‍රම වාසනා වැඩසටහනින් වැඩ කරන අයගේ දරුවන්ට පාසල් කට්ටල ලබා දීම, තෝරාගත් පාසලකට සුහුරු පන්ති කාමරයක් ලබාදීම යනාදී කටයුතු ගණනාවක් මෙම වැඩසටහන පැවැත්වෙන 16 සහ 18 යන දෙදින තුළදී සිදු කෙරේ.

“ අද ඩොලර් බිලියන 9.6ක් මේ වෙනකොට රටට ගේන්න හැකි වෙලා තියෙනවා. මේ මාසෙදි මේ රටට එන මුදල් ඩොලර් බිලියන 10 ඉක්මවා යනවා. මේ රටට විදේශගත ශ්‍රමිකයො විදිහට රටට ලබා දීපු දායකත්වය වෙනුවෙන් අද එම ශ්‍රමිකයන්ට, ඔවුන්ගේ දරුවන්ට, විගමණික සංගම්වල සාමාජිකයින්ට, සියලු විගමණික පවුල්වලට රටක්, ජාතියක් විදිහට අපේ උත්තමාචාරය අපි පුදකරනවා.

මේ කලාපය භාර ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය “ලේකම්තුමා ලෝකයට උදාහරණයක් හැටියට පෙන්නලා දුන්නා ලංකාවේ මේ වෙච්ච වෙනස්කම් ටික. කොරෝනා, ආර්ථික ව්‍යසනය මේ සියලු දෙයින් වැටිලා තිබුණ රට ඉතාමත්ම ඉක්මනින් ගොඩ ඒමට හැකි වුණා ලෝකෙට උදාහරණයක් වෙමින්. රට සල්ලි බාගේ ගැවසෙන, තෙල්, බෙහෙත් ටික අතට එන්න පුළුවන් තත්ත්වෙට අද පත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. සමහරු කියනවා විදේශ ණය අපි තාම ගෙවන්න අරන් නෑ, ඒ නිසා තමයි ඩොලර් එක මේ ගාණට තියාගන්න පුළුවන්, ඒ වගේම ඩොලර් එක රුපියල් 700ට, 500ට යයි කියලා. මම ඊයේ ෆේස්බුක් පෝස්ට් එකක් ශෙයා කළා හිටපු විගණකාධිපතිතුමා කියනවා 2022 දෙසැම්බර් වෙනකොට ඩොලරය රුපියල් 500ට යෑමේ අවදානමක් තියෙනවා කියලා. ඩොලරය රුපියල් 290ට ඊයේ අඩු වුණා. අපි ණය ගෙවන්නේ 2027 ඉඳලා. ඒ වෙනකොට අපි ශක්තිමත් වෙලා, රටේ ආර්ථිකය ගොඩනගලා, ඕනතරම් සංචිත හදලා තමයි ණය ගෙවන්න පටන්ගන්නේ.”

“අපේ විදේශගත ශ්‍රමිකයෝ දැවැන්ත හයියක් ලබාදෙන්නේ මේ රට ගොඩනගන වැඩපිළිවෙලටයි. මේ සියල්ල සිද්ධ වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක. ඒ ගිවිසුම් එක්ක. මේකට යන්න එපා කියලා පහුගිය දවස්වල මතකයි කෑගැහුවා. දැන් ඒ අය කියන්නේ සංශෝධන සහිතව සාකච්ඡා කරලා අපි ඉස්සරහට එකට යනවා කියලා.
මේ අද ඇවිල්ලා ඉන්න විදේශගත ශ්‍රමිකයන්ට ප්‍රතිලාභ හම්බවෙන්නේ ඒ අය කරපු සේවයට. ඩොලර් බිලියන 10කින් මේ අය දායකත්වය දක්වනකොට විදේශ සේවා නියුක්ති කාර්යාංශය, අමාත්‍යාංශය විදිහට අපි ඔවුන්ට විගමණික ශ්‍රමික හරසර ලබා දෙනවා.” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

පොළොන්නරු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ජගත් සමරවික්‍රම, පොළොන්නරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ප්‍රසාද් කොළොන්නේ, කම්කරු හා විදේශ කටයුතු රැකියා අමාත්‍යංශ ලේකම් ආනන්ද විමලවීර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍ය, පොළොන්නරුව දිස්ත්‍රික් නායක සිරිපාල ගම්ලත්, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්, රජයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිසිය, විදේශගත ශ්‍රමිකයින් සහ ඔවුන්ගේ දූ දරුවන් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙම සති අන්තයේ එමීර් රාජ්‍යයේ නැරඹිය හැකි විනෝදාංග 7ක්
Next Article ලෝකයේ හොඳම ලෙස නම් දැරූ ලංකාවේ සෞඛ්‍ය සේවය අද අර්බුදයේ
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.