Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»විදෙස්ගත ශ්‍රමිකයන් ගේ කටයුතු ඩිජිටල්කරණයට
Sri Lankan news

විදෙස්ගත ශ්‍රමිකයන් ගේ කටයුතු ඩිජිටල්කරණයට

kumudikaBy kumudikaMarch 25, 2024Updated:March 25, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

විදේශ රටවල රැකියාවල නිරත ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට යම් අවදානමක් හෝ අකටයුත්තක් සිදු වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එය ඉක්මනින් ආරම්භ කරන බවත් එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැලපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අවධාරණය කළේය.

විදේශගත ශ්‍රමිකයින් සඳහා දැනටමත් සිය පැමිණිලි සහ ගැටලු දැනුම් දීම සඳහා සේවය කරන රාජ්‍යයේ තානාපති කාර්යාලවල අංක දී තිබෙන නමුත්, මෙම ඩිජිටල්කරණ හඳුන්වා දීමත් සමග සමස්ත පද්ධතියම වෙනස් වන බව අමාත්‍යවරයා පැවසීය. ‘ජයගමු ශ්‍රී ලංකා’ – මාතලේ පැවැති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග පැවැත්වුණු සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

එහිදී  මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ

“කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්පූර්ණ පද්ධතිය ‘ඩිජිටලයිස්’ (ඩිජිටල්කරණය) කරන්න. එයින් තානාපති කාර්යාලයේ ඉඳලා, සේවකයින් බඳවාගැනීමේ සිට සියලු දේවල්වලට අදාළ පද්ධතියම වෙනස් වීමකට ලක් වෙනවා. මේ පද්ධතිය වඩා කාර්යක්ෂම බවට පත් වෙනවා. ඒ සමග සෑම ශ්‍රමිකයකුටම තමන්ගේ දුරකථනයේ ‘ඇප්’ එකක් තියෙනවා. ලොකූ දේවල් සඳහන් කිරීම අවශ්‍ය නෑ. සතුටු මූණක්, දුක මූණක්, ප්‍රශ්නයක්, බොත්තමක් එබීමට පමණයි තියෙන්නේ.

එවිට තානාපති කාර්යාලයට, කොළඹ අපේ කාර්යාලයට අදාළ තැනැත්තා හෝ තැනැත්තියට ප්‍රශ්නයක් බවට පණිවුඩයක් ලැබෙනවා. ඒ අනුව අදාළ කෙනා සම්බන්ධ කරගන්න ක්‍රමයක් අපි හදාගෙන තියෙනවා. ඒ පිළිබඳව ඉදිරියේදී අපි නිවැරදි දැනුවත් කිරීම් කරනවා. ඩිජිටල් පද්ධතිය තහවුරු වුණාම මේ ගොඩක් ප්‍රශ්න අඩු වෙයි. මීට අමතරව මේ අතර වෙන ගැටලුකාරී තත්ත්වයන් පවා වාර්තා කරගන්නට පුළුවන් වෙයි වැටුප් ලැබීමේ ඉඳලම. අද වැටුප නොලැබුණොත් එයට අදාළ සලකුණ දැම්මම අපේ කාර්යාලයත්, ඒජන්තවරයාත් දන්නවා වැටුප් ලැබිලා නෑ. කියලා. ඒ අනුව මේ සියල්ල සම්බන්ධීකරණය වෙන වැඩසටහනක් ලැබෙනවා.”

විදේශගත කිරීම්වලට සම්බන්ධ වෙන උප ඒජන්තවරුන් පිළිබඳ  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේය.

“දැනට තිබෙන පනත අනුව උප ඒජන්තවරුන් සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිදු වගවීමක් නෑ. ඒ නිසා උප ඒජන්තවරුන් සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආකාරයට, විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනය කරලා එය දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ අවසන් අවස්ථාවේ තියෙන්නේ. එය ඉක්මනින් පාර්ලිමේන්තුවට යනවා. ඒ තුළ තියෙනවා මේ අනු නියෝජිතයින් බලපත්‍රලාභී නියෝජිත ආයතනයකට සීමා කෙරෙන හැටියට නියාමනය කිරීම පිලිබදව . හැබැයි එම ආයතනයට මේ උප නියෝජිතවරුන් ගැන වගකියන්න වෙනවා. සේවිකාවන් විකුණා ගන්නා මුදලක් කියා එකක් නෑ. එය ශ්‍රමිකයින් බඳවාගැනීමට යන වියදම. ඩුබායි, සෞදි, කුවේට් රටවල්වල රටින් රටට දෙන බඳවාගැනීමේ මුදල වෙනස්. සමහර ආයතන මේ ලාභය ගැන දැන්වීම් දානවා. සමහරු දැන්වීමක් නොදා උප ඒජන්තයින් සහ රට යන ශ්‍රමිකයින්ගේ පවුල්වලටත් දීලා රැකියාවලට බඳවාගැනීම කරනවා. මේ සියල්ල ඉදිරියේදී වෙනස් වේවි.” අමාත්‍යවරයා පැවසීය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ කාලගුණය
Next Article ආනයනික කිරිපිටි මිල පහලට
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.