ගාල්ල රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාල අතර පසුගිය 24 වනදා  පැවති ” ආදරවන්තයින්ගේ ගැටුම ” ක්‍රිකට් තරඟාවලිය අජ්මාන් හි royal cricket ක්‍රීඩාංගණයේදී  පැවැත් විණි.

එහිදී පලමු ඉනිම ක්‍රීඩා කල මහින්ද විද්‍යාල පිල සිය ඕවර 10 තුල ලකුණු 77 ක් ලබා ගත්තේ කඩුළු 8 ක් දවා ගනිමිනි. ඊට පිළිතුරු ඉනිම ලෙස ක්‍රීඩා කල රිච්මන්ඩ් විද්‍යාල පිල ඕවර 10 තුල කඩුළු 5ක් දැවී ලකුණු 127 ක් රැස් කලහ.

අනතුරුව දෙවෙනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියේ මහින්ද විද්‍යාල පිලයි. ඔවුන්ට කඩුළු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණී. රිච්මන්ඩ් විද්‍යාල පිල පිලිතුරු ඉනිම සඳහා ක්‍රීඩා කරමින් ලකුණු 39 ක් ලබා ගෙන පහසු  ජයක් හිමි කර ගත්හ.

රිච්මන්ඩ් විද්‍යාලයේ  ඉරූෂ ක්‍රිශූල් තරඟයේ වීරයා හා හොඳම පිතිකරු ලෙස තේරී පත් වූ අතර එම පිලේම  වර්ණක ප්‍රදීප් හොඳම පන්දු යවන්නා ලෙස තේරී පත් විණි.

මෙහිදී පැවැත් වූ අනෙක් තරඟය වූයේ රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාලයීය කාන්තා කණ්ඩායම් තරඟයයි. එම තරඟයෙන්ද රිච්මන්ඩ් කාන්තා පිල ජය හිමි කර ගැනීමට සමත් විය.

Share.

Comments are closed.