Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි
Sri Lankan news

සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ වැඩිම ලාභය වාර්තා කරයි

kumudikaBy kumudikaMarch 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර ඇත. ඒ අනුව 2022 – 2023 වසර සඳහා 32%ක ලාභ සීමාවක් වාර්තා කරමින් සංවර්ධන ලොතරැයි මණ්ඩලය නව වාර්තාවක් පිහිටුවා තිබෙන අතර එය 2022 වසරේ ලාභ ප්‍රමාණය මෙන් දෙගුණයකි. මේ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03 ක ඉලක්කය පසු කර තිබේ. ඒ සමඟම රජයට පිරිනැමෙන දායකත්වය 6%කින් ඉහළ දමමින් රු. 5,193,833,721 අගයක් බවට පත්ව ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ අභියෝගාත්මක කාලවකවානුව තුළ රටේ ආර්ථිකයේ ඇති වූ අයහපත් බලපෑම් අවම කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය උපයෝගි කරගත් ක්‍රමෝපායන් නිසා ඉතා කෙටි කාලයක් තුළ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීමට හැකි වූ බවයි. මේ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුවිශේෂ මඟපෙන්වීමක් ලබා දුන් බව ද සභාපතිවරයා පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය ලොතරැයි ටිකට්පත් මෙන්ම අලුතින් හඳුන්වා දෙන ලද විශේෂ ටිකට්පත් සඳහා පිරිනැමෙන තෑගි මුදල් ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවත් මෙරට පාරිභෝගික ජනතාවට නව අත්දැකීමක් ලබා දෙමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ලොතරැයි ටිකට්පත් හඳුන්වා දීම ද ආරම්භ කර ඇති බවත් පැවසූ සභාපතිවරයා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ආදායමෙන් 50%ක්ම වෙන් කරනු ලබන්නේ මෙරට අධ්‍යාපනය සහ සෞඛ්‍යය වෙනුවෙන් වීම ද විශේෂත්වයක් බව පැවසීය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර ඇති අතර, මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්‍රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක චෙක්පත සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ගුණරත්න නාරංගල මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ අපනයන ආදායම රුපියල් මිලියන 983.7  ක්
Next Article මහ සිකුරාදා අදයි
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.