Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලාංකිකයන් 74,499 දෙනෙකු විදෙස් රැකියා වලට
Sri Lankan news

ලාංකිකයන් 74,499 දෙනෙකු විදෙස් රැකියා වලට

kumudikaBy kumudikaApril 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 මුල් මාස 3 තුළදී ශ්‍රි ලාංකිකයින් 74,499 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

ඉන් 34,599 දෙනෙකු රැකියා සදහා විදේශ ගතවූ කාන්තාවන් වන අතර එම ප්‍රමාණය අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් සියයට 46 කි. මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයින් සංඛ්‍යාව 39,900 කි.

ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 17,793 කි.

මෙම සංඛ්‍යාලේඛන අනුව පෙනි යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරිමයි. ඒ අනුව 2024 මුල් මාස 3 තුළදී පමණක් දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 2,374 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 2,114 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 1,899 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 1,947 දෙනෙකු පිටත්ව ගොස් තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි වෘත්තිය රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් විදේශ ගතකිරීම දිරිමත් කිරීම සඳහා වැඩසටහන් සංවිධානය කර ඇති අතර, ලොව හොඳම සාත්තු සේවා ආර්ථිකය ශ්‍රී ලංකාව බවට පත්කිරීමද කාර්යාංශයේ ඉදිරි අපේක්ෂාව වේ.

එසේම රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රී ලාංකිකයින් 2024 මුල් මාස 2 තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 963.8 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා තිබේ.

2023 වසරේ මුල් මාස 3 තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ගණන 76,025 කි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවෙසක් සතිය මැයි 21 සිට 27 දක්වා
Next Article අවුරුදු සමයේ රාජ්‍ය සේවා අඛණ්ඩව
kumudika

Related Posts

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.