Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ දේශගුණ ආරක්ෂණ යාන්ත්‍රණය සමඟ හවුල්කාරිත්වයක් ප්‍රකාශ කරයි
Climate

එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ දේශගුණ ආරක්ෂණ යාන්ත්‍රණය සමඟ හවුල්කාරිත්වයක් ප්‍රකාශ කරයි

kumudikaBy kumudikaApril 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇෆ්ගනිස්ථානයේ ලෝක ආයතනයේ ආධාර මෙහෙයුම සඳහා එමිරේට්ස් දේශගුණ ආරක්ෂණ උපදේශකට අරමුදල් සැපයීම මින් අරමුණු කර ඇත.
එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය , නිත්‍ය නියෝජිත මොහොමඩ් අබුෂාහාබ් සහ දේශපාලන සහ සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ උපලේකම් රෝස්මරී ඩිකාලෝ ගිවිසුම ප්‍රකාශයට පත් කලහ.
එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ දේශගුණ ආරක්ෂණ යාන්ත්‍රණය සමඟ හවුල්කාරිත්වය පිලිබද  බදාදා (03) නිවේදනය කළේය.

දෙවසරක ගිවිසුම යටතේ, එමීර් රාජ්‍යය ඩොලර් 600,000 ක වාර්ෂික දායකත්වයන් දෙකක් ලබා දෙනු ඇත. ගෝලීය වශයෙන් මැද පෙරදිග රටක් විසින් එවැනි පරිත්‍යාගයක් සිදු කළ පළමු අවස්ථාව මෙය වේ.

එහි කොටසක් ලෙස අරාබි එමීර් රාජ්‍යය ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ සහය දූත මණ්ඩලයේ දේශගුණ ආරක්ෂණ උපදේශක තනතුරක් සඳහා අරමුදල් සපයනු ඇත.

උපදේශකයාගේ කාර්යභාරය වනුයේ දේශගුණය ආශ්‍රිත ආරක්ෂක අවදානම් තක්සේරු කිරීම සහ අවදානම් වැළැක්වීමේ සහ කළමනාකරණ උපාය මාර්ග සංවර්ධනය කිරීමට උපකාර කිරීම බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

“එමීර් රාජ්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දේශගුණික විපර්යාසවල දැවැන්ත අවදානම් ආමන්ත්‍රණය කිරීමට සහ කලාපීය සහ ගෝලීය සාමය, යුක්තිය සහ තිරසාර සංවර්ධනය පෝෂණය කිරීම සඳහා එමීර් රාජ්‍යයේ Cop28 හි සභාපතිත්වය හරහා නිරන්තරයෙන් උත්සාහ කර ඇත” යනුවෙන් බලශක්ති සහකාර අමාත්‍ය අබ්දුල්ලා  මහතා පැවසීය.
“අද, අපි ගෝලීය ගැටළු සම්බන්ධයෙන් ක්‍රියාශීලී රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා අපගේ කැපවීමේ තවත් වැදගත් පියවරක් තබමු.” ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.

එක්සත් ජාතීන්ගේ දේශගුණ ආරක්ෂණ යාන්ත්‍රණය සමඟ ඇති මෙම හවුල්කාරිත්වය ලොව පුරා අත්‍යවශ්‍ය දේශගුණික සාමය සහ ආරක්ෂක වැඩසටහන් සඳහා සහය දීමෙන් බහුපාර්ශ්වික පද්ධතිය සඳහා එමීර් රාජ්‍යයේ  සහයෝගය ශක්තිමත් කරයි. එසේම ඇෆ්ගනිස්ථානයේ දේශගුණික උපදේශකයෙකුට බරපතල දේශගුණ ආරක්ෂණ අවදානම් තක්සේරු කිරීම සහ අවම කිරීම සඳහා කැපවූ අරමුදල් සපයයි.

එක්සත් ජාතීන්ගේ දේශපාලන සහ සාමය ගොඩනැගීමේ කටයුතු පිළිබඳ උප ලේකම් රෝස්මරී ඩිකාලෝ මෙසේ පැවසුවාය. “එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැන් දේශගුණ ආරක්ෂණ යාන්ත්‍රණයේ කොටසක් වීම ගැන අපි සතුටු වෙමු.
“මෙම හවුල්කාරිත්වය ඇෆ්ගනිස්ථානය ඇතුළු ගෝලීය දේශගුණය, සාමය සහ ආරක්ෂක මුලපිරීම් කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි.
“Cop28 UAE දේශගුණය, සහන, ප්‍රතිසාධනය සහ සාමය ප්‍රකාශනය ක්‍රියාවට නැංවීම සඳහා දේශපාලන හා සාමය ගොඩනැගීමේ කටයුතු දෙපාර්තමේන්තුවේ සහ දේශගුණ ආරක්ෂණ යාන්ත්‍රණයේ කැපවීම ස්ථිරයි.”

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
Next Article එමීර් රාජ්‍යයේ මූල්‍ය වෙලඳපොල Eid Al-Fitr නිවාඩුව ප්‍රකාශ කරයි
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.