Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»තේ දළු නෙලීම යන්ත්‍රානුසාරයෙන් කිරීමට පියවර
sri Lankan special

තේ දළු නෙලීම යන්ත්‍රානුසාරයෙන් කිරීමට පියවර

kumudikaBy kumudikaApril 5, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

තේ කර්මාන්තය මුහුණ දෙන කම්කරු හිඟයට පිළිතුරක් ලෙස දලු නෙළීම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීම අරඹා ඇත. මෙරට ප්‍රමුඛපෙළේ වැවිලි සමාගමක්වන Hatton plantations plc මේ සඳහා මූලිකත්වය ගෙන තිබේ. මූලික අදියර ලෙස දලු නෙළීමේ යන්ත්‍ර දෙසීයක් ක්ෂේත්‍රය වෙත හඳුන්වා දී තිබේ.

මේ පිළිබඳව අදහස් දැක් වූ Hatton plantations plc සමාගමේ සාමාන්‍යාධිකාරී වරුණ ෆර්නැන්ඩෝ පවසා සිටියේ “ගෝලීයව තේ කර්මාන්තය මුහුණදෙන ගැටලු අවම කිරීමට තේ කර්මාන්තයට තාක්ෂණය හඳුන්වාදීම අත්‍යවශ්‍ය කරුණක්. වසර 150කට වැඩි කාලයක් සාම්ප්‍රදායිකව පැවත එන කම්කරු ශ්‍රමය පදනම් තේ දලු නෙළීම යන්ත්‍රානුසාරයෙන් සිදු කිරීමට වැවිලි සමාගම් කලක් තිස්සේ උත්සාහ කරන කරුණක්. මේ උත්සාහය සාර්ථක කරගැනීමට අප සමාගම සමත්වුණේ කම්කරුවන්ට වැඩි වැටුපක් ලබා දෙන අතරේ ඔවුන්ගේ රැකියාව සුරක්ෂිත දලු නෙළීම කාර්යක්ෂම කිරීම යන කරුණු තුනම සාර්ථක කරගැනීමට හැකිවීම නිසයි.”

Hatton plantations plc සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුජීව ගොඩගේ යන්ත්‍රානුසාරයෙන් දලු නෙළීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කරමින් පැවසුවේ
” ඵලදායිතාව ඉහළ නැංවීම හා නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීම සඳහා විසඳුමක් ලෙස දලු නෙළීමට යන්ත්‍ර හඳුන්වාදීම අත්‍යවශ්‍ය කරුණක් වුණා. තේ කර්මාන්තය දිනෙන් දින මුහුණදෙන ප්‍රධානතම ගැටලුව කම්කරු හිඟයයි. අලුත් පරම්පරාව කැමති නෑ අව්ව වැස්ස අතරේ එළිමහනේ දලු නෙළීම වැනි වෘත්තීන්වල යෙදීමට. මේ නිසා අප හා කටයුතු කරන සීමිත කම්කරු පිරිසෙන් ඉහළ ධාරිතාවකින් සේවය සලසා ගැනීම සඳහා අතින් දලු කැඩීම වෙනුවට දලු කැඩීම සඳහා සුදුසු යන්ත්‍රයක් හඳුන්වා දී තිබෙනවා. මෙම යන්ත්‍රය මෙරට තේ කර්මාන්තයේ ස්වරූපය පිළිබඳ අධයනය කිරීමෙන් අනතුරුවයි නිෂ්පාදනය කර තිබෙන්නේ. එක් එක් යන්ත්‍රයක බර කිලෝ 1යි ග්‍රෑම් 750ක් පමණයි. පැය 08ක් බැටරිය චාජ් කිරීමෙන් අනතුරුව පැය 08කට වැඩි කාලයක් දලු නෙළීම සඳහා මෙම යන්ත්‍ර භාවිතා කළ හැකියි. සාමාන්‍යයෙන් එක් දිනකදී අතින් දලු කැඩීමේදී දලු කිලෝ 20ක් කඩන විට යන්ත්‍රය මඟින් දලු කිලෝ 100ක් පමණ නෙළා ගත හැකියි. යන්ත්‍රය මඟින් දලු නෙළන කෙනෙකු දිනක නියමිත වැඩුප සඳහා නෙළීය යුත්තේ කිලෝ 40ක් පමණයි. නමුත් යන්ත්‍ර මඟින් දළු නෙළන අය කිලෝ 80, 100 ඉක්මවනවා. එසේ වැඩිවන දලු කිලෝ ගණන අනුව ඔවුන්ගේ වැටුපට අමතර දීමනාවක් එකතු වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක්ගේ වැටුප කීප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.”

සමාගමේ ප්‍රාදේශීය සාමාන්‍යාධිකාරී සුරංග දෑල මහතා සඳහන් කළේ “වැවිලි කර්මාන්තයේ ලාභ අවම වී පිරිවැය ඉහළ යමින් පවතින බවයි. කම්කරු වැටුප් සඳහා වැඩි වියදමක් ගෙවීමට සිදු වුවත් වර්තමානයේ පොහොර මිල ඉහළ යාම නිසා ඒ සඳහා වැය කළ යුතු වියදම ප්‍රමුඛ වී තිබේ. මේ නිසාම ලෝකයේ අනෙක් රටවල් සමඟ තරග කරමින් ඉහළ ඵදායීතාවක් අත්කර ගැනීමට නම් අපිට අංශ දෙකකින් කර්මාන්තයේ දියුණුව තහවුරු කළ යුතු වෙනවා. ඉන් පළමු වැන්න ගුණාත්මක බව ඉහළ නැංවීමයි. දෙවැනි කරුණ නිෂ්පාදන ධාරිතාව ඉහළ දැමීමයි. මෙසේ දලු නෙළීම සඳහා යන්ත්‍ර හඳුන්වාදීමෙන් අපි උත්සාහ ගන්නේ මේ අංශ දෙකෙන්ම සංවර්ධනයක් ඇති කිරීමයි. මේ දලු නෙළීමේ යන්ත්‍ර සඳහා අපි රුපියන් ලක්ෂ 80ක් පමණ වැයකොට තිබෙනවා. එපමණක් නොවෙයි යන්ත්‍රානුසාරයෙන් දලු නෙළීමේ රටාවට අනුව දලු අස්වැන්න ඉහළ යනවා. එසේ දෙආකාරයකින් අස්වැන්න වැඩිවීම නිසාම කර්මාන්ත ශාලාවල ධාරිතාව හා කාර්යක්ෂමතාව ඉහළ දැමීමටත් සිදුවී තිබෙනවා. මේ අනුව නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ දැමීම සඳහාත් රුපියල් මිලියන දෙකක පමණ වියදමින් යුතුව නවතම යන්ත්‍ර දෙකක් අපගේ කෙනිල්වෝත් කර්මාන්ත ශාලාවේ ස්ථාපිත කොට තිබෙනවා. එහි ඇති විශේෂත්වය වෙන්නේ යන්ත්‍රානුසාරයෙන් තේ වෙන්කිරීමට ඇති හැකියාවයි.”

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleMeta සමාගමෙන් whatsapp සඳහා නව විශේෂාංගයක්
Next Article සංස්කෘතියට පටහැනි අවුරුදු ක්‍රීඩා වලට අවසර නෑ
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.