Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 10
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට කොල එලියක්
Sri Lankan news

මහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට කොල එලියක්

kumudikaBy kumudikaApril 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබෙන වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි දින සිට යාවත්කාලීන කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබේ.

හදිසි වෛද්‍ය සේවාවන් ලබාගැනීම, රට තුළට ඇතුලුවීමේදී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු අවශ්‍යතා, මාර්ගවල ගමන් කිරීමේදී පවතින ආරක්ෂාව, රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය සහ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීම ආදී අංශයන්හි පෙර පැවති තොරතුරු යාවත්කාලීන කිරීම මෙමගින් සිදු වේ.

ඒ අනුව ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය පිළිබඳව පසුගිය උපදේශනය තුළ අඩංගු කර තිබූ කරුණු යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනයෙන් ඉවත් කර ඇත.
මීට අමතරව වෛද්‍ය උපකරණ හිඟය වැනි සෞඛ්‍ය සේවාවල සීමාවන් පිළිබඳ දක්වා තිබූ අවදානම ද ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් මේ වනවිට අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සංචාරකයින් තුළ පැහැදිලි අවබෝධයක් ඇති කිරීම සඳහා පෙර සංචාරක උපදේශනය මඟින් දක්වා ඇති මෙම අහිතකර තොරතුරු ඉවත් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් බ්‍රිතාන්‍ය බලධාරීන් වෙත විටින් විට කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

ජනවාරි 1 සිට මාර්තු 27 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයින් 53,928 ක් පැමිණ ඇති අතර එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙන තුන්වන විශාලතම රට වේ.
යාවත්කාලීන කරන ලද මෙම සංචාරක උපදේශනය මගින් ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට තවත් දිරිගැන්වීමක් සපයනු ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDEWA  නව්‍ය තාක්ෂණයෙන් ජල කළමනාකරණය සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරයි
Next Article වනිඳු ගැන අලුත්ම තීරණය
kumudika

Related Posts

රේගු පරික්ෂාවෙන් තොරව බහාලුම් 323 ක් පිට කිරීමට සම්බන්ධ නිලධාරීන් පිරිසක් රටින් පලායාමට සැරසෙයි

June 9, 2025

2025 වසරේ ඉලක්කගත සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 98 ක මුදලක් උපයා ගැනේ

June 9, 2025

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.