Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන මාර්ගයේ මූලික කටයුතු ලඟදීම
Sri Lankan news

ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරන මාර්ගයේ මූලික කටයුතු ලඟදීම

kumudikaBy kumudikaApril 7, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදි කෙරුණු පසු ආනයන, අපනයන කටයුතු මෙන්ම සෙසු කටයුතු වලින් වැඩි වාසියක් ලැබෙන්නේ ශ්‍රී ලංකාවට බව රජය පවසයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඉකුත්දා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වූ අතර එහිදී සිදුවූ සාකච්ඡා අනුව අදාල මාර්ගය ඉදිකිරීමේ මූලික අදහස් මෙම සතියේදී ලබාදෙන බවට ඉන්දීය රාජ්‍ය නියෝජිතයින් දැනුම් දී ඇත.

ඉන්දීය රජයේ මූලික අදහස් සලකා බැලීමෙන් අනතුරුව ලංකා රජයේද අදහස් ලබාදී මාර්ගය ඉදිකිරීමේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ලංකාව සහ දකුණු ඉන්දියාව යා කරමින් ගොඩබිම් මාර්ගය ඉදිවූ පසුව දෙරටේ ආනයන අපනයන සඳහා වැඩි ඉඩක් ලැබෙන්නේ යැයිද ඉන්දියාවේ වෙළඳපොළ විශාල හෙයින් ශ්‍රී ලංකාවට එහි වාසිය අසීමාන්තිකව භුක්ති විඳීමට හැකියාව ඇතැයි ද රජයේ ප්‍රකාශකයා සඳහන් කලේය.

නැව් මාර්ගයෙන් බඩු භාණ්ඩ ප්‍රවාහනය කරනවාට වඩා ගොඩබිම ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනයෙන් ප්‍රවාහන ගාස්තු අඩුවන හෙයින් ඉන්දියාවෙන් මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය වල මිල අඩු වනු ඇතැයිද රජයේ ප්‍රකාශකයා පැවසීය.

එමෙන්ම සංචාරකයන්ට මෙරටට අඩු වියදමකින් පැමිණීමට හැකියාව ලැබීම,ඉන්දියාව විසින් නිකුත්දා නිර්මාණය කරනු ලැබූ මැද පෙරදිග ආර්ථික කොරිඩෝවට ලංකාවටද සම්බන්ධ වීමට හැකියාව ලැබීම, දෙරට අතර විදුලි බල හුවමාරුවට පහසුකම් ලැබීම මෙන්ම පුනර්ජනනීය බල ශක්තිය ආදියෙන් ලංකාවට වැඩිපුර විදුලි බලයක් උත්පාදනය කරන්නට හැකි වුවහොත් එම විදුලි බලය ඉන්දියාවට විකුණන්නට අවස්ථාව ලැබීම වාසි අතුරින් කිහිපයක් බව රජය පවසයි.

තවද ලොව පුරා අන්තර්ජාල සම්බන්ධීකරණය සඳහා මුහුද යටින් එලා ඇති සම්බැරීන් කේබල් හෙවත් ඉන්ටර්නෙට් කේබල් පද්ධතිය ඉන්දු- ලංකා ගොඩබිම් මාර්ගය ඔස්සේ එලීමෙන් ඊට වන හානි අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවද ගොඩබිම ආසන්න මුහුදේ දී නෞකාවල නැංගුරම් වැදීමෙන් අදාල කේබල් පද්ධතියට හානි සිදුවූ අවස්ථා කිහිපයක්ම වාර්තා වී ඇතැයිද රජයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග එළැඹුණු එකඟතා අනුව මෙම ඉන්දු ලංකා  මාර්ගය ඉදිකිරීමේ සාකච්ඡා පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා මුහුද ඔස්සේ මෙම ගොඩබිම් මාර්ගය ඉදිකිරීමට නියමිතය. වාහන ගමනාගමනයට අමතරව මෙහි දුම්රිය මාර්ගයක් ද ඉදිකිරීමට සාකච්ඡා වී තිබේ.
ඉන්දියාව සහ ලංකාව අතර ගොඩබිම් මාර්ගය ඉදි කිරීමට සමගාමීව තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ දක්වා සෘජු ගමන් පහසුකම් සැලසෙන මාර්ග පද්ධතියක් ඉදිකිරීමද මෙම ව්‍යාපෘතියට අයත් වන අතර එහි පළමු මාර්ගය තලෙයි මන්නාරමේ සිට ත්‍රිකුණාමලයේ වරාය දක්වා ඉදි කෙරෙයි.

අදාල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් ද කර ඇති අතර ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා දුර කිලෝමීටර් 23කි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ ලාබාලතම බිලියනපතියා පාසල් සිසුවියක්
Next Article එමීර් රාජ්‍ය තුවාල ලැබූ පලස්තීන ළමුන්, පිළිකා රෝගීන්ගේ 15 වන කණ්ඩායම පිලිගනී
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.