ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ගේ පුතුන් තිදෙනෙකු සහ මුනුබුරන් 4 දෙනෙකු මිය ගොස් ඇති බව එම සංවිධානය තහවුරු කර ඇත.

ඔවුන් ගමන් කරමින් තිබූ මෝටර් රථයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මෝටර් රථය ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගාසා නගරය ආසන්නයේ අල්ෂාටි කඳවුර අසල දීය.

මොවුන්, රාමසාන් හි පළමු නිවාඩු දිනය සැමරීමට පවුලේ උත්සවයක් සඳහා සහභාගී වීමට යමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත.
ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ඔහුගේ පුතුන් හමාස් හමුදා අංශයේ සාමාජිකයින් බවයි‍.

මෙම ප්‍රහාරයත් සමග සටන් විරාම ගිවිසුමකට එළඹීම ඉලක්ක ‍කර ගනිමින්, හමාස් සංවිධානය සිදු ‍කෙරෙන සාකච්ඡාහි කිසිඳු ඉල්ලීමක් වෙනස් නොකරන බව හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබේ.

Share.

Comments are closed.