Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකා තැපෑලෙන් ගණුදෙනුකරුවන්ට පණිවිඩයක්
Sri Lankan news

ශ්‍රී ලංකා තැපෑලෙන් ගණුදෙනුකරුවන්ට පණිවිඩයක්

kumudikaBy kumudikaApril 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් පිලිබඳ දන්වා ශ්‍රී ලංකා තැපෑල කිසිදු කෙටි පණිවිඩයක් (sms) ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදු නොකරන බව තැපැල්පති ආර්. පී. සත්තුමාර මහතා ප්‍රකාශ කරයි.

ව්‍යාජ ලෙස සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්‍රමිකව සකස් කර ගත් ව්‍යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් සිදුවෙමින් පවතින බවත් තැපැල්පතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා තැපෑල, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ආදී නම් යොදා ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද උපක්‍රමිකව භාවිතා කරමින් මෙම ජාවාරම ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කෙටි පණිවිඩ මගින් ණය කාඩ් පත් තොරතුරු විමසීමක් කිසිසේත්ම සිදු නොකරන බවත් ණය කාඩ්පත් මගින් පාර්සල් සම්බන්ධ කිසිදු ගනුදෙනුවක් සිදු නොකරන බවත් සත්කුමාර මහතා කීවේය.
මහජනතාව වෙනුවෙන් ලැබෙන කෙටි පණිවිඩ සඳහා සිය ණය කාඩ්පත් දත්ත වෙබ් අඩවියකට හෝ කෙටි පණිවිඩයක් මගින් හෝ වෙනත් කිසිදු ආකාරයකින් ලබාදීම සිදු නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් විමසීම් සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ උපකාරක සේවාව 1950 සහ තොරතුරු තාක්ෂණික අංශය 011 2542104, 011 2334728, 011 2335978, 011 2687229, 011 2330072 යන අංක වලට දැනුම් දෙන ලෙසත් ඔහු ඉල්ලීමක් කළේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදකුණු චීන මුහුදේ විශාල කොරල්පර විනාශයක්
Next Article වසර 5 කට පසු Fox hill සුපර් ක්‍රොස් අප්‍රේල් 21 දා
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.