ඉන්දුනීසියාවේ ගිනිකන්දක් පුපුරා යාමත් සමග සුනාමි තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ හේතුවෙන් අසල ප්‍රදේශවාසීන් සිය ගණනක් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ උතුරු සුලවේසියෙහි රුආං දූපතේ පිහිටා ඇති අඩි 2400ක පමණ උසකින් යුතු ගිනිකන්දක් ඊයේ සිට පුපුරා යමින් තිබේ.

මෙම ගිනිකන්ද මුහුදට කඩා වැටී සුනාමි රල ඇති විය හැකි බවට ඇතිවී තිබෙන අවදානම හේතුවෙන් අදාළ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.

සුලවේසි දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටි ගිනිකන්දේ පසුගිය පැය 24 තුළ අවම වශයෙන් විශාල පිපිරීම් පහක් සිදුවූ බව ඉන්දුනීසියාවේ ගිනිකඳු හා භූ කම්පන ආපදා මධ්‍යස්ථානය පවසයි.

බලධාරීන් ගිනිකඳු අනතුරු ඇඟවීම ඉහළම මට්ටමට ගෙන ගොස් ඇතැයි ද සඳහන් වේ.

Share.

Comments are closed.