Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලොව විශාලතම මහ මැතිවරණය ඉන්දියාවේදී ඇරඹේ
World news

ලොව විශාලතම මහ මැතිවරණය ඉන්දියාවේදී ඇරඹේ

kumudikaBy kumudikaApril 19, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මිලියන 970 ක ඡන්ද දායකයින් මඟින් මන්ත්‍රීවරු 543 දෙනකු තෝරා පත්කර ගන්නා ලොව විශාලතම මහමැතිවරණය අද (19) ඉන්දියාවේ දී ආරම්භ වේ. 18 වැනි ලෝක් සභා (පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අද සිට ජූනි මස 1 වැනිදා දක්වා ඉන්දියාවේ ප්‍රාන්ත 28ක සහ මධ්‍යම රජයේ පාලනය යටතේ පවතින කලාප 8ක අදියර 7ක් යටතේ පැවැත් වේ.

පළමු අදියර අද පැවත්වෙන අතර අනතුරුව ලබන 26 වැනිදා, මැයි මස 7,13,20, 25 සහ ජූනි 1 වැනිදා සෙසු අදියරේ ඡන්ද විමසීම සිදු කෙරේ. ඡන්ද ප්‍රතිඵල ජූනි මස 4 වැනිදා නිකුත් වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මිලියනයකට වැඩි ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවා ඇති අතර එහි රාජකාරියේ නිරතවන නිලධාරීන්ගේ සහ ආරක්ෂක නිලධාරීන්ගේ සංඛ්‍යාව මිලියන 15ක් බව වාර්තා වේ.

දින 44ක් පුරා පැවැත්වෙන ඉන්දීය මැතිවරණය මිලියන ගණනාවක ඡන්ද භාවිතය විද්‍යුත් යන්ත්‍ර මඟින් සිදු කෙරේ. ඒ සඳහා විද්‍යුත් යන්ත්‍ර ලක්ෂ 55ක් භාවිත කෙරේ. 2000 වසරේ සිට ඉන්දීය මැතිවරණවලදී භාවිතයට ගැනෙන එම යන්ත්‍රය කොටස් දෙකකින් සමන්විතය. එහි පාලන කොටස ඡන්ද මධ්‍යස්ථානයේ නිලධාරියා ඉදිරියේ තබා ඇති අතර ඡන්දය භාවිත කිරීමේ උපකරණය ඡන්ද කුටියේ තබා ඇත. අදාළ ප්‍රාන්තයේ හෝ දිස්ත්‍රික්කයේ මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂයේ නම සහ ඡන්ද ලකුණ එම උපකරණයේ සටහන් වී ඇති අතර ඡන්දදායකයා කළ යුතුව ඇත්තේ එම නම් ඉදිරියේ ඇති බොත්තම ක්‍රියාත්මක කිරීම පමණි. එසැනින් මධ්‍යස්ථානය භාර නිලධාරියා ඉදිරියේ තබා ඇති උපකරණයේ එම ඡන්දය ගබඩා වේ.

ආසන 545කින් සමන්විත ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 543කට නියෝජිතයන් පත් කිරීම ඡන්ද විමසීමෙන් සිදු වෙද්දී සෙසු ආසන 2ට අපේක්ෂකයන් තෝරාගැනීමේ අයිතිය එරට ජනාධිපතිවරයා සතුව තිබේ. ඕනෑම පක්ෂයකට හෝ සන්ධානයකට රජයක් පිහිටුවීමට අවම වශයෙන් ආසන 272ක් අවශ්‍ය වන අතර, අවසන් වරට 2019 පැවැති මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂයට රාජ්‍ය බලය හිමි වූයේ ආසන 303ක් ජය ලැබීමෙනි. මෙවර ආසන 400ක් ජය ගනිමින් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් අත්කර ගැනීම භාරතීය ජනතා පක්ෂය සමත් වනු ඇතැයි දැනටමත් දේශපාලන විචාරකයන් අනාවැකි පළ කර තිබේ.

මෙවර මැතිවරණයේදී වත්මන් අගමැති 73 හැවිරිදි නරේන්ද්‍ර මෝදි සිය තුන්වැනි ධුර කාලය අපේක්ෂාවෙන් භාරතීය ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින අතර, ඉන්දීය කොන්ග්‍රසයේ සභාපති 81 හැවිරිදි මල්ලිකාර්ජුන් කාර්ගි ඔහුගේ ප්‍රතිවාදියා බවට පත් වී සිටි. 2019 මැතිවරණයේදී කේරල ප්‍රාන්තයේ අමේති නුවර සිය අසුනෙන් පරාජයට පත් වූ කොන්ග්‍රසයේ රාහුල් ගාන්ධි මෙවර සිය අසුන ජය ගැනීමේ අරමුණින් යළි ඉදිරිපත් වී ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය.

භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ හිතවාදී පක්ෂ ජාතික ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය ලෙසත්, ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ දේශපාලන පක්ෂ 41ක් ඉන්දීය ජාතික සංවර්ධනවාදී අන්තර් සන්ධානය ලෙසත් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
Next Article IMF වෙතින් ශ්‍රී ලංකාවට තවත් සහයක්
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.