එමීර් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) අප්‍රේල් 19 සිකුරාදා සිට 2024 අප්‍රේල් 23 අඟහරුවාදා දක්වා කාලගුණ අනාවැකියක් නිකුත් කර ඇත.

• සිකුරාදා
කාලගුණය: මීදුම ඇති වීමේ සම්භාවිතාව සමහර වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල දැකිය හැක. සවස් වන විට නැගෙනහිර  අහසේ විටින් විට අර්ධ වළාකුළු සහිත වේ.

සුළඟ: මධ්‍යස්ථ වේගයකින් ඊසාන දෙසින්  ගිනිකොන දෙසට  පැයට කිලෝමීටර 30 දක්වා වේගයකින් ළඟා වේ. අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුදේ රළු ස්වභාවයක් දැකිය හැක.

• සෙනසුරාදා
ඇතැම් වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම සහිත විය හැකි අතර  සවස් වන විට කඳුකරයට ඉහළින් සංවහන වලාකුළු ඇතිවීමේ සම්භාවිතාවක් තිබේ. විටෙක තරමක් වලාකුළු සහිතව වර්ෂාපතනය ඇති විය හැක. මධ්‍යස්ථ මට්ටමේ සුළඟ ඊසාන සිට ගිනිකොන දක්වා හමා යනු ඇත.
අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද මදක් රළු වේ.

• ඉරිදා
මීදුම සෑදීමේ සම්භාවිතාව සමහර වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල උදෑසනදී දැකිය හැක. විටින් විට අර්ධ වළාකුළු සහිත අහසක් දැකිය හැකි වේ.

සුළඟ මධ්‍යස්ථව ඊසාන දෙසින් ගිනිකොන දෙසට   පැයට කිලෝමීටර 30 දක්වා ළඟා වේ.
අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද රළු ස්වභාවයක් ගනී

• සඳුදා

සමහර වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල උදෑසන වන විට තෙතමනය සහිත සාමාන්‍යයෙන් අර්ධ වළාකුළු සහිත අහසක් පවතිනු ඇත. බටහිර දෙසට වළාකුළු සහිත වීම, රාත්‍රිය වන විට මඳ වර්ෂාපතනයක් ඇතිවීමේ සම්භාවිතාවක්ද බලාපොරොත්තු විය හැක. තවද උෂ්ණත්වය ඉහළ යාමක් අපේක්ෂා කෙරේ.

මධ්‍යස්ථ මට්ටමින් හමන සුළඟ ඊසාන සිට ගිනිකොන දෙසට විටින් විට නැවුම් වෙමින් පැයට කිලෝමීටර 35 දක්වා ළඟා වේ.

අරාබි ගල්ෆ් ප්‍රදේශයේ මුහුද හා  ඕමාන් මුහුද තරමක් මධ්‍යස්ථ රළ ස්වභාවයක් ගනී.

• අඟහරුවාදා

සාමාන්‍යයෙන් අර්ධ වශයෙන් වළාකුළු සහිත වන අතර මද හෝ මධ්‍යස්ථ වර්ෂාපතනයක් ඇති වේ සමහර ප්‍රදේශවල විටෙක වර්ෂාව අධික විය හැක. සමහර වෙරළබඩ ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වේ.

සුළඟ ඊසාන සිට ගිනිකොන දෙසට හමන අතර විටින් විට වයඹ දෙසින් නැවුම් වෙමින් පැයට කිලෝමීටර 40 ක වේගයකින් දූවිලි හමා යයි.
අරාබි ගල්ෆ් මුහුද හා ඕමාන් මුහුද තරමක් මධ්‍යස්ථ වේ.

Share.

Comments are closed.