ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස් වී තිබේ. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වීමට හේතු වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරයයි.

මේ වන විට ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට පහර දෙන්නේ ද එම ඔක්තෝබර් 7 සිදුවුණු ප්‍රහාරයෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන් දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මවිත කරමිනි.

ප්‍රහාරය එල්ල වූයේ ඊශ්‍රායල බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අසාර්ථක නිසා යැයි දිගින් දිගටම චෝදනා එල්ල වූ අතර මේජර් ජනරාල් ඇරොන් හලීවා සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම චෝදනා හේතුවෙනි.

Share.

Comments are closed.