Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකා වාණිජ මණ්ඩලයෙන් 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව එළි දක්වයි
Sri Lankan news

ලංකා වාණිජ මණ්ඩලයෙන් 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව එළි දක්වයි

kumudikaBy kumudikaApril 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ‘රක්ත කේතය – ශ්‍රී ලාංකේය ව්‍යාපාර අබිමුව ඇති දේශගුණික අවදානම් හා අවස්ථා’ (Code Red: Climate Risks and Opportunities for Sri Lankan Businesses) යන තේමාව යටතේ 2024 ශ්‍රී ලංකා දේශගුණ සමුළුව මැයි 7 – 9 දින දක්වා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

දේශගුණික විපර්යාස වේගවත් වීමෙන් පැනනැඟිය හැකි අහිතකර ප්‍රතිවිපාක පිළිබඳව විද්‍යාඥයන් අනතුරු අඟවන අවස්ථාවක ඒ හරහා ශ්‍රී ලාංකේය ව්‍යාපාර වෙත එල්ල විය හැකි අවදානම් හා අවස්ථා පිළිබඳ ජාතික කතිකාවක් සඳහා මෙම සමුළුව වේදිකාවක් වේ.

සමුළුවෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වේ. පසුව පැවැත්වෙන අදහස් හුවමාරු කරගැනීම් හා සාකච්ඡා සඳහා සන්දර්භය සකස් කෙරෙනු ඇත. දේශගුණික ක්‍රියාමාර්ග භාර ජාතික හා අන්තර්ජාතික නියමුවන්ගේ ආකර්ෂණීය පෙළගැස්මක් තුළින් දින තුනක් පුරා දේශගුණික අවදානම් හා අවස්ථා, එම අවදානම් අවම කිරීමට හා වර්ධන අවස්ථා සාර්ථක ලෙස අත්පත් කරගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීම හා නිර්-කාබනිකකරණය පිළිබඳ අවධානය දිනෙන් දින ඉහළ යමින් පවතින ලෝකයක ශ්‍රී ලාංකේය ව්‍යාපාර ශක්තිමත් වීම සඳහා මනා ලෙස ස්ථානගතව ඇති බවට සහතික කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී ප්‍රතිපත්ති ක්‍රමවේද පිළිබඳව ගවේෂණය කෙරෙනු ඇත.

බලශක්ති හා ජල කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය අරුණභා ගෝෂ්, අයි. අයි. ටී. මැඩ්රාස් පර්යේෂණ උද්‍යානයේ සභාපති මහාචාර්ය අශෝක් ජුන්ජුන්වාලා, දේශගුණික ප්‍රතිපත්ති ප්‍රවේශයේ ඉන්දීය අධ්‍යක්ෂ දෘබා පුර්කයස් මහතා, ට්‍රාන්ස්පරෙන්ටම් කළමනාකාර අධ්‍යක්ෂ සහ Independent Complaints Mechanism of the International Climate Initiative (IKI – ජර්මනිය) හි මණ්ඩල සාමාජික ආචාර්ය ලලනාත් ද සිල්වා මහතා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය, Global Water Partnership South Asia හි කලාපීය ප්‍රධානී කුසුම් අතුකෝරල මහත්මිය, Global Green Growth Institute හි ශ්‍රී ලංකා නියෝජිත ආචාර්ය සෙනාලි සේනාරත්න සෙල්ලමුත්තු මහත්මිය, ජෛව විවිධත්ව විද්‍යාඥ රොහාන් පෙතියාගොඩ මහතා, Twcorp Ltd. සහ Sapphirus Lanka Ltd. සභාපති තිලාන් විජේසිංහ මහතා, ස්වාභාවික හා සංරක්ෂණවාදී ගෙහාන් ද සිල්වා විජේරත්න මහතා සහ ක්ෂේත්‍රයේ විශේෂඥයන් රැසක් දේශකයන්ට ඇතුළත් වේ.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleබලශක්ති අංශය නියාමනයට නව ආයතනයක්
Next Article ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වෙනස්කම් අධ්‍යනයට කණ්ඩායමක්
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.