ඉරිදා දින සමහර වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ වල උදෑසන වන විට තෙතමනය සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. ඒ අතර සමහර විට සංවහන වලාකුළු නැගෙනහිර දෙසට ගමන් කිරීම සහ සමහර අභ්‍යන්තර ප්‍රදේශවලට සවස් වන විට තරමක් වලාකුළු සහිත තත්ත්වයක් දැකිය හැකි වේ.

මධ්‍යස්ථ මට්ටමින් ගිනිකොණ සිට ඊසාන දෙසින් සුළං හමන අතර පැයට කිලෝමීටර 40 දක්වා දූවිලි සමඟ සුලං හමා යයි.
අරාබි ගල්ෆ් ප්‍රදේශයේ මුහුද මධ්‍යස්ථව පවතී.

සඳුදා දින සවස් වන විට නැගෙනහිර දෙසට සහ සමහර අභ්‍යන්තර ප්‍රදේශවලට වැසි සහිත තත්ත්වයක් ඇති වේ.  සංවහන වලාකුළු ඇතිවීමේ සම්භාවිතාව සමඟ විටින් විට තරමක් වළාකුළු සහිත අහසක් දැකිය හැක.
මධ්‍යස්ථ සුලං ගිනිකොන සිට ඊසාන දෙසට හමා යන අතර පැයට කිලෝමීටර 40 දක්වා දූවිලි සුලං හමා යයි.

අඟහරුවාදා
කාලගුණය  – සමහර ප්‍රදේශ වල සංවහන වළාකුළු ඇතිවීමේ සම්භාවිතාව සහිත වේ.  නැගෙනහිර දෙසට සහ සමහර බටහිර ප්‍රදේශවලට දහවල් වන විට වර්ෂාපතනය ඇති විය හැක.
ඊසාන දෙස සිට ගිනිකොන දෙසට හමන සුළං, පැයට කිලෝමීටර 40 දක්වා 15 – 25 ක වේගයකින් දූවිලි සමඟ හමා යයි.

Share.

Comments are closed.