Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රමිකයන්ට QR කේතයක් ලබා දීමට සැලසුම්
Sri Lankan news

ශ්‍රමිකයන්ට QR කේතයක් ලබා දීමට සැලසුම්

kumudikaBy kumudikaApril 28, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්‍රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්‍රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්‍රීඩාංගනයේ පැවති ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ආරම්භ කලේය.

www.garusaru.lk වෙබ් ලිපිනය ඔස්සේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ. ඒ අනුව ක්ෂේත්‍ර විස්සකට අදාළව ශ්‍රමිකයින්ට ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වන අතර එසේ ලියාපදිංචි වන සෑම අයෙකුගේ නමකටම පුද්ගලිකව QR කේතයක් හිමි වන බව සඳහන්ය.

ත්‍රීරෝද රථ රියදුරු, මෝටර් රථ කාර්මික, කලාකරුවන්, රූපලාවන්‍ය ශිල්පීන්, වඩු කාර්මිකයින්, කිමිදුම්කරුවන්, දේශීය ගෘහ සේවිකා, ධීවර කර්මාන්තය, බේකරි සහ ආහාර බෙදාහැරීම්, මාධ්‍යවේදී, පෙදරේරු, විසිතුරු ධීවර කර්මාන්තය, පින්තාරුකරු, ජලනල කාර්මික, පෙරපාසල් ගුරු, පුද්ගලික බස්රථ රියදුරු සහ කොන්දොස්තර, තෙරපිස්ට්, ටයිල් කරන්නන්, පෑස්සුම්කරු යන කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන ක්ෂේත්‍ර විස්සක් සඳහා ගරුත්වය සහ සාරවත්භාවය සහිත තිරසාර ප්‍රතිලාභ හිමි වන ක්‍රමවේදයක් මේ හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

‘ගරු සරු’ වෙබ් අඩවිය ජනගත කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මෙසේ පැවසුවේය.

“ඔබව වෘත්තිකයින් විදිහට හඳුන්වන්න මේ රට සූදානම් නෑ. ඔබව අවිධිමත් කියන ගොඩට දාලා තියෙන්නේ. 1900 කම්කරු දෙපාර්තමේන්තුව හැදුනත් රාජ්‍ය පෞද්ගලික සේවකයින් වගේ ඔබව වෘත්තිකයෙක් හැටියට හැඳින්වෙන්නේ නෑ. ඒකයි අපි සේවයේ ගරුත්වය විශේෂ අංගයක් කළේ අපේ අලුත් රැකී රක්ෂා පනතේ. අපි පනත සකස් කරලා, නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරලා තියෙන්නේ. ඔබ ඔබේ වෘත්තීය පිළිබඳව ඔබේ වෘත්තීය සංගමය, ව්‍යවස්ථාව හදාගත්තම නීතිරීති, තත්ත්වයන්, සුදුසුකම් හදාගෙන ගැසට් කරන්න අවස්ථාව ව්‍යවස්ථාව හරහා ලබා ගන්නවා. මේ රටේ කම්කරු ඇමති, කම්කරු අමාත්‍යාංශය කියන නම් අයින් කරනවා. කම්කරුවා නැත්තටම නැති කර වෘත්තිකයන් බවට පත් කරනවා. අපිට ඔළුවට එන කම්කරුවා කියන සංකල්පය ඉවත් කරනවා.

මේ අය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන් හදලා දුන්නම රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ බලපත්‍රය ලැබෙනවා. ඒ බලපත්‍රය නෑතුව රැකියා කරන්න බැරි වෙනවා. රැකියාවල ප්‍රමිතිය තහවුරු වෙනවා. වෙබ් අඩවිය විවෘත කර ජාතික වැඩක් අපි රත්නපුරෙන් පටන් ගත්තේ. ගොඩක් අය කැමතියි මිනිසුන් මේ විදිහටම තියාගෙන හැමදාම දේශ්පාලනය කරගෙන යන්න. ජනාධිපතිතුමා මට බලය පැවරුවා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදන්න. තව සති දෙකකින් කැබිනට් මණ්ඩලයට යෝජනාව දාලා සම්මත කරගන්නවා. අපි එය හදලා ඉවරයි.”
යැයි අමාත්‍යවරයා පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැයි 2 දා එමීර් රාජ්‍යයේ කාලගුණය පිළිබඳ  විශේෂ නිවේදනයක්
Next Article වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය සැරසෙයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.