Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඩුබායි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග අපේ මලල ක්‍රීඩා තරු වලට උපහාර දක්වයි
UAE Sri Lankan

ඩුබායි කොන්සල් ජෙනරාල් කාර්යාලය, ඩුබායි ශ්‍රී ලාංකීය ප්‍රජාව සමග අපේ මලල ක්‍රීඩා තරු වලට උපහාර දක්වයි

kumudikaBy kumudikaApril 29, 2024Updated:April 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට උපහාර දක්වමින් ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, ඩුබායිහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2024 අප්‍රේල් 27 සිකුරාදා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීය. 

අප්‍රේල් 24 සිට 27 දක්වා ඩුබායි හි දී පැවැති ආසියානු අවුරුදු 20 න් පහල මලල ක්‍රීඩා ශූ‍රතාවලියේ ජයග්‍රහණ හිමි කරගත් ශ්‍රී ලාංකික යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමට උපහාර දැක්වීම සඳහා විවිධ ක්‍රීඩා සංගම්,  එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ආදි ශිෂ්‍ය සංගම් සහ කණ්ඩායමට සහය දැක්වූ අනෙකුත් පුද්ගලයින් සහ සංවිධානවල නියෝජිතයින් ඇතුළු ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙකු එක් වූහ.

පිළිගැනීමේ උත්සවයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ශූරතාවලියේදී දැක්වූ විශිෂ්ට දස්කම් අගයමින් විවිධ ඇගයීම් සංකේත ප්‍රදානය කරන ලදී. මෙම පිරිසට ත්‍යාග ලබා දීම සඳහා Sri Lions, Olcott Schools OBA, UAE, Sri lanka business Council of dubai, dessert club cricket academy, SLCL, Classic venture Tourism, st peter’s college OBU UAE, Top Nock International , Danube, Thambapanni Resturant ආදි සංවිධාන හා වෙලඳ ආයතන ඇතුළු බොහෝ පුද්ගලයින් අනුග්‍රහය දක්වමින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ඉදිරිපත් වූහ.

ලෝක HEI සමූහය විසින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ලොව පුරා පිහිටි ඔවුන්ගේ පුළුල් ආයතන ජාලය හරහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇත.
ඩුබායි කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා විසින් මෙම ලාංකික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර දක්ෂතා පිලිබද ඇගයුමට ලක් කලේය. මෙම උත්සවයට ශ්‍රී ලාංකීය ආහාර පාන වල සැපයීම තුෂානිස් රෙස්ටුරන්ට් විසින් සිදු කෙරිණි.

Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleE.P.F. පොලිය ඉහලට
Next Article අබුඩාබි පොලිසියෙන් පාසල් බස් රථ සඳහා “Stop” සංඥාව මත නතර නොකරන රථවාහන සඳහා ඩිරාම් 1000 ක දඩයක්
kumudika

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.