හෙට (02) බ්‍රහස්පතින්දා එමීර් රාජ්‍ය අපේක්ෂා කරන කාලගුණික තත්ත්වය පිළිබඳව flydubai නිවේදනයක් නිකුත් කර තිබේ.
flydubai හි ප්‍රකාශකයෙකු පැවසුවේ මැයි 2 වනදා ඩුබායි හි අපේක්ෂා කරන කාලගුණික තත්ත්වයන් හේතුවෙන්, මෝටර් රථයෙන් හෝ පොදු ප්‍රවාහනයෙන් ගමන් කලද ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළට මගීන් කල්තියා පැමිණිය යුතු බවයි.

flydubai.com වෙබ් අඩවියේ ‘Manage Booking’ කොටස හරහා ඔවුන්ගේ සම්බන්ධතා තොරතුරු යාවත්කාලීන කරන ලෙසත්, ඔවුන්ගේ ගුවන් ගමන සම්බන්ධ නවතම තොරතුරු සඳහා වෙබ් අඩවියේ පියාසැරි තත්ත්වය පරීක්ෂා කරන ලෙසත් මගීන්ට උපදෙස් දෙනු ලැබේ.

Share.

Comments are closed.