Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»පොල් ආශ්‍රිත නිෂ්පාදනයෙන් මාර්තු මාසයේ මිලියන ගණනක් ආදායමක්
Sri Lankan news

පොල් ආශ්‍රිත නිෂ්පාදනයෙන් මාර්තු මාසයේ මිලියන ගණනක් ආදායමක්

kumudikaBy kumudikaMay 2, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් කර ඇත. 2024 මාර්තු මාසය තුළ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දෙනු ලැබීය.

ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි. 2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය 29% ක වර්ධනයක් වේ.

පොල් කටු සක්‍රිය කළ කාබන් අපනයනය 2023 වරරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. එය ප්‍රතිශතයක් ලෙස 32% ක ඉහළ යාමකි.

එමෙන්ම පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා තිබේ. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. එය 2023 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 49ක ඉහළ යාමක් බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි. එහි වර්ධනය 30% කි.

මීට අමතරව පිටි කළ පොල් කිරි අපනයනය ද පසුගිය මාසයේ ඉහළ ගොස් ඇත. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1587කි. අපනයනය කරන ලද පිටි කළ පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1153ක් වන අතර එය 2023 මාර්තු මාසය හා සසඳන කළ  93% ක වර්ධනයකි.

පොල් ක්‍රීම් අපනයනය ද පසුගිය මාර්තු මාසයේ දී ඉහළ ගොස් තිබේ. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 1,390කි. අපනයනය කරන ලද පොල් ක්‍රීම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 2,619කි. එම ප්‍රමාණය 2023 මාර්තු මාසය හා සසඳන විට 88 % ක වර්ධනයක් පෙන්නුම් කරයි.

එසේම පොල් තෙල් අපනයනය ද ඉහළ ගොස් ඇති අතර එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 539කි. පොල්තෙල් මෙට්‍රික් ටොන් 767ක් අපනයනය කර ඇති අතර එහි වර්ධනය 2023 මාර්තු මාසයට සාපේක්ෂව  84 %කි.

සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවේ පොල් අස්වැන්න ඉහළ යාම මත අපනයනය ද ඉහළ ගොස් ඇති බව බව පවසන පොල් සංවර්ධන අධිකාරිය මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ඉහළ යාම මගින් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකිවීම මෙරට ලැබු ජයග්‍රහණයක් බව සඳහන් කරයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDEWA සහ Dubai Holding ඒකාබද්ධ වැඩ සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කරයි
Next Article වරාය, රේගු සහ නිදහස් කලාප සංස්ථාවෙන් කාලගුණික තත්ත්වයන් සඳහා  පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.