“සහන Rhythm Of Hope ” ගෘහස්ත සංගීත ප්‍රසංගය මැයි 11 වන දා ඩුබායි Indian High School ශ්‍රවණාගාරයේදී  පැවැත්වීමට නියමිතය. රාජ්‍යයේ වෙසෙන විවිධ අපහසුතා වලට හා අසරණභාවයට පත් ලාංකිකයන් වෙනුවෙන් පිලිසරණක් වීම අරමුණු කරමින් සහන සුභසාධන පදනමේ අරමුදල ශක්තිමත් කිරීම මෙම ප්‍රසංගය පැවැත්වීමේ අරමුණයි.

දශක හතරක ගායන සුසංයෝගයක් සමඟින්  එඩ්වඩ් ජයකොඩි, උමාරා සිංහවංශ, රිද්ම වීරවර්ධන , මිහිඳු ආරියරත්න, රවීන් කණිශ්ක සමඟ ලක්මිණි උඩවත්ත මෙදින ඔබව ගීතයෙන් රස ගැන්වීමට සූදානම්ය. පහන් සංදීප සංගීත අධ්‍යක්ෂණයෙන් එක් වන අතර මනුරංග විජේසේකර  විසින් ප්‍රසංගය මෙහෙයවනු ලැබේ.

ටිකට්පතක් මිලදී ගැනීමෙන් ඔබට ශ්‍රී ලාංකේය ගීතයේ මිහිරියාව විඳ ගන්නා අතරතුර සරණක් අවැසි අපේම ලාංකික ජනතාවට පිහිටක් වීම සඳහා දායක වීමට හැකියාව ඇත.

ටිකට් පත් ඔන්ලයින් වෙන් කරවා ගැනීමට හෝ නිවසටම ගෙන්වා ගැනීම සඳහා පහත සඳහන් සහන පදනමේ දුරකථන අංක ඇමතීමෙන් හා වෙබ් සබැඳියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

Sujeewa 052 123 5596
Isthiaq 052 960 0045
Ramesh 056 408 8463
Mahesh 054 704 9201
Kusala 052 101 4066
Admin 056 311 9363

https://ticketsfy.net/event/SAHANA-RHYTHM-OF-HOPE-Dubai-11-May-2024

Share.

Comments are closed.