එමීර් රාජ්‍යයේ ඉදිරි මැයි 5 වන දා සිට 9  වන දා දක්වා කාලගුණය පිලිබද නිවේදනයක් ජාතික කාලගුණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇත.

ඉරිදා (මැයි 5)
කාලගුණය: පැහැදිලි අහසක් සහ වලාකුළු පවතී.
පැයට කිලෝමීටර 40ක වේගයෙන් සුළං සැහැල්ලු මට්ටමේ සිට මධ්‍යස්ථ තත්ත්වයෙන් ගිනිකොන දෙසින් ඊසාන දෙසට විටින් විට හමා යයි. 
අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද සන්සුන් තත්ත්වයේ පවතී.

සඳුදා (මැයි 6)

වළාකුළු සහිත වියලි කාලගුණයක් දැකිය හැකි අතර මධ්‍යස්ථ මට්ටමේ සුළං පැයට කිලෝමීටර 35 දක්වා වේගයෙන් ළඟා වේ.
ගල්ෆ් සහ ඕමාන් මුහුදු සන්සුන් වේ.

අඟහරුවාදා (මැයි 7)
බටහිර සහ දකුණු අහසේ වලාකුළු එක්රැස් වන අතර යම් වර්ෂාවක සේයා ලකුණු දැකිය හැක.
ගිනිකොන දෙස සිට ඊසාන දෙසට හමන සුළං දූවිලි සමඟින් පැයට කිලෝමීටර 40 ක වේගයෙන් ලඟා වේ.
ගල්ෆ් සහ ඕමාන් මුහුද සාමකාමී ස්වභාවයකින් පවතී.

බදාදා (මැයි 8)

වලාකුළු දිගටම බටහිර සහ දකුණු ප්‍රදේශයෙන් දැකිය හැක. ගිනිකොන දෙසින් හමන සුළං වයඹ දෙසට දූවිලි සමඟ හමා යයි. ඕමාන් මුහුද සන්සුන්ය.

බ්‍රහස්පතින්දා (මැයි 9)

වලාකුළු එක් රැස් වන අතර විශේෂයෙන් බටහිර ප්‍රදේශ වල උෂ්ණත්වයේ පහත වැටීමක් සිදු වේ.
වයඹ දෙසින් දූවිලි සමඟ සුළඟ හමා යයි.
ගල්ෆ් කලාපයේ මුහුද සහ ඕමාන් මුහුද රළු ස්වභාවයක් ගනී.

Share.

Comments are closed.