උතුර, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, මොණරාගල දිස්ත්‍රික්කයේත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (06) දිනයේද අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මාතලේ දිස්ත්‍රික්කයේ උණුසුමද ඉහළ අගයක් ගන්නා බවය.

මේ අතර ඉදිරි දින කිහිපයේදී දිවයිනට දැඩි උණුසුම් කාලගුණයකින් බලපෑම් එල්ල වන බව බටහිර ඕස්ට්‍රේලියා සාගර විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාඥ චරිත පට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version