රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර තිබේ.
ඒ වෙනුවට නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පියවරගෙන ඇත.

සර්ජී ෂොයිගු රුසියන් හමුදා ප්‍රධානියකු ලෙස කටයුතු කළ අයෙකි. ඔහු පුටින්ගේ සමීපතමයකු බව ද පැවැසෙයි.

කෙසේ නමුත් සර්ජී ෂොයිගු වෙනුවට ආරක්ෂක අමාත්‍ය ධුරයට පුටින් නම් කර ඇත්තේ සිවිල් වැසියකු සහ පරිනත දේශපාලනඥයකු ද වන 65 හැවිරිදි ඇන්ඩ්‍රෙයි බෙලොසෝව් ය. රුසියාවේ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයකු ද වන මොහු ආර්ථික විශේෂඥයෙකි.

මේ අතර, ආරක්ෂක අමත්‍ය ධුරයෙන් ඉවත් කළ සර්ජී ෂොයිගු රුසියන් ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධාන සාමාජිකයකු ලෙස පත් කිරීමට ද ජනාධිපති පුටින් පියවර ගෙන ඇත.

Share.

Comments are closed.