Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»රුසියානු යුද්ධයේ සිර වුනු ලාංකික සෙබලුන් ගැන සොයන්න විශේෂ පිරිසක්
sri Lankan special

රුසියානු යුද්ධයේ සිර වුනු ලාංකික සෙබලුන් ගැන සොයන්න විශේෂ පිරිසක්

kumudikaBy kumudikaMay 17, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රුසියානු – යුක්රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දූත පිරිසක් කඩිනමින් රුසියාව බලා පිටත් කෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේ ,

“මේ වන විට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය එක්ව රුසියානු – යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධව සංගණනයක් සිදු කරමින් සිටිනවා. ඇතැම් ලාංකිකයන් රුසියාවට යවා තිබෙන්නේ සංචාරක වීසා මඟින් බව ද මේ වන විට හෙළිවී තිබෙනවා. එසේම ඒ අතරින් විශාල පිරිසක් මෙරට ත්‍රිවිධ හමුදා නියෝජනය කළ විශ්‍රාමික හමුදා සාමාජිකයන් වනවා. මෙහිදී අපට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ කොපමණ ප්‍රමාණයක් රුසියාවට ගොස් සිටිනවා ද යන්නයි. නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 600ත් – 800ත් අතර ප්‍රමාණයක් රුසියාවේ සිටින බවට වාර්තා වී තිබෙනවා. ඇතැම් විට එම ප්‍රමාණය මීට වඩා අඩු හෝ වැඩි විය හැකියි.

කෙසේ වෙතත් රජයක් වශයෙන් රුසියාවේ සිටින මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධව ගත යුතු සෑම පියවරක්ම මේ වන විට ගෙන තිබෙන බව සඳහන් කළ යුතුයි. මෙහිදී රුසියාවේ යුද්ධයට මැදි වී සිටින පිරිස් සම්බන්ධව දැනුම්වත් කිරීම ගැන මාධ්‍ය ආයතන වෙත විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පිරිස් රුසියාවේ රැඳී සිටින ප්‍රදේශ පිළිබඳවත් නිශ්චිත තොරතුරු වාර්තා නොවීමත් අපට බරපතළ ගැටලුවක් වී තිබෙනවා.

අපට දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව ජාවාරම්කරුවන් ‘‘රුසියානු පුරවැසිභාවය ලබාදීම’’ වැනි බොරු පොරොන්දු ඇතුළත් ප්‍රචාර හරහා මේ පිරිස් රුසියාවට ගෙන්වාගෙන තිබෙනවා. සම්පූර්ණයෙන්ම මෙය මිනිස් ජාවාරමක්. මේ ජාවාරමට ඉහළ හමුදා නිලධාරියකු සම්බන්ධ බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා. පළමුවෙන්ම ඇත්ත තත්ත්වය පෙන්වා දී තවදුරටත් රුසියාවට පිරිස් යැවීම නතර කළ යුතුයි. ඉන් අනතුරුව එහි ගොස් සිටින පිරිස් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා කර, යළි මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් රජයක් වශයෙන් අප උපරිම උත්සාහ දරනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා විදෙස්ගතව සිටියත් රුසියානු – යුක්රේන යුද්ධයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දූත පිරිසක් කඩිමින් රුසියාවට යැවීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, රුසියාවේ හිටපු තානාපති ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් දූත පිරිසක් රුසියාවට යැවීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සම්බන්ධව රුසියානු තානාපති කාර්යාලය නිල වශයෙන් දැනුම්වත් කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.”

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රි ලංකා ජනපති ලෝක ජල සමුළුවට
Next Article මෙරට පලමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.