දිල්ලියේ සිට බැංගලෝර් බලා පිටත් වූ එයාර් ඉන්දියා AI807 ගුවන් යානය අගනුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කර ඇත.

ඒ එහි සහායක බල ඒකකයේ ගින්නක් පිළිබඳ අනතුරු ඇඟවීමකින් පසුවය.
ගුවන් යානයේ නියමුවන් අවශ්‍ය පියවර ක්‍රියාත්මක කිරීමෙන් පසු, යානය හදිසි ගොඩබෑමක් සිදු කර ඇති අතර, සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ගුවන් යානයෙන් පිටව ගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ වූ සෑම දෙනාගේම ආරක්ෂාව සහතික කිරීමෙන් අනතුරුව ගුවන් මගීන් විකල්ප ගුවන් යානයක් මගින් දිල්ලියට ගෙන යාමට කටයුතු සම්පාදනය කරන ලද බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.