නවසීලන්තයට ආවේණික වූ වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි වී තිබේ. මෙම පක්ෂියා ‘හුයියා’ (huia) යන නමින් හඳුන්වා ඇත. වඳ වී ඇති මෙම පක්ෂියාගේ ඉතිරි වී ඇත්තේ මෙම පිහාටුව පමණි.

විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ පිහාටුව, ඩොලර් 28,400 කට වඩා වැඩි මුදලකට අලෙවි වුණු බවය. මෙය ලෝක වාර්තාවක් ලෙස සැලකේ. මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර ඇත්තේ ඩොලර් 3,000 ක් වැනි මුදලකටය.

‘හුයියා’ (huia) නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් හෙවත් ස්වදේශිකයන් වන මෞරි වැසියන්ගේ පූජනීය සත්වයෙකි. ‘හුයියා’ (huia) පිහාටු හිස් පලදනා ලෙසත් තෑගි භාණ්ඩ ලෙසත් භාවිතයට ගෙන ඇත
‘හුයියා’ (huia) පක්ෂියෙකු අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.

Share.

Comments are closed.