Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»ඩුබායි වෙත සංචාරක වීසා වලින් පැමිණෙන පිරිසට දැඩි නීති
Visa

ඩුබායි වෙත සංචාරක වීසා වලින් පැමිණෙන පිරිසට දැඩි නීති

kumudikaBy kumudikaMay 24, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි වෙත පැමිණෙන සංචාරක වීසා බලපත්‍රලාභීන් ගෙන් ඩිරාම් 3,000 මුදලක්,  ආපසු යෑමේ ටිකට්පත හා රැඳී සිටීමේ සාක්ෂි රැගෙන එන ලෙස ඩුබායි රජය විසින් ඉල්ලා ඇත. මෙම අවශ්‍යතා සපුරාලීමට අපොහොසත් වූ මගීන්ට  තම ගුවන් ගමන් සඳහා පිටත් වීම තහනම් කර ඇති බව සඳහන්ය. මේ හේතුවෙන් සමහර පිරිස් එමීර් රාජ්‍යයේ ගුවන් තොටුපලවල අතරමංව සිටින බව වාර්තා වේ.

“ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින් ආරක්ෂා කිරීම සඳහා ගුවන් තොටුපල පරීක්ෂා කිරීම් සිදු කෙරේ. සංචාරක වීසා වලින් පැමිණෙන පිරිස් වැඩිපුර කාලයක් රැඳී සිටීමේ සිද්ධීන් බොහොමයක් වාර්තා වී තිබේ. බලධාරීන්ගේ මෙම පියවර එමීර් රාජ්‍යයේ සංචාරක අංශයට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත.” Rooh Travel and Tourism හි Libin Varghese පැවසීය.

මැයි 15 වන දින දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ස්පයිස් ජෙට් ගුවන් යානයකින් ඩුබායි වෙත පැමිණි අබින් ට, ඩුබායි වෙත ඇතුළු වීමට නම් අවශ්‍ය ලිපි ලේඛන සපයන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත.

“අලුයම 2.30ට මා පැමිණි පසු මා ළඟ තිබූ ඩිරාම් 3,000ට සමාන මුදලක් පෙන්වන ලෙස මගෙන් ඉල්ලා සිටියා. මා ළඟ ආපසු ටිකට් පතක් තිබුණා. නමුත් තීරණාත්මක සාධකය වූයේ ඩුබායි හි මම නවාතැන් ගත් බවට සාක්ෂියි”අබින් පැවසීය.

“මම මගේ ඥාති සහෝදරයා සමඟ නැවතී සිටින බව මම සඳහන් කළ අතර, නිලධාරීන් ඔහුගේ එමිරේට්ස් හැඳුනුම්පත සහ නවාතැන් පිළිබඳ සාක්ෂි ඉල්ලා සිටියා. ඒත් මගේ ඥාති සහෝදරයා ඩුබායිවල කාමරයක් කුලියට අරගෙන ඉන්නේ. එයාගේ නමින් නවාතැන් පහසුකම් නැහැ.” අබින් වැඩිදුරටත් පැවසීය.

මෙය අබින්ගේ පළමු ඩුබායි සංචාරය නොවන බවත් මීට පෙර එවැනි තත්ත්වයකට මුහුණ දී නොමැති බවත් ඔහු පැවසීය.

“මේ ගැන ඉන්දියාවේ සංචාරක නියෝජිතයා මට දැනුම් දුන්නේ නැහැ. මගේ ඥාති සහෝදරයා මට කිසිම දෙයක් කිව්වේ නැහැ. මට ගුවන් තොටුපළේ පොරොත්තු ශාලාවේ දවස් හතරක් ඉන්න සිද්ධ වුණා, අන්තිමට මැයි 19 වෙනිදා මම ඒ ගුවන් සේවයෙන්ම ආපහු මගේ ගමට ආවා” අබින් පැවසීය.

ඉන්දීය සංචාරක අභිෂේක් පසුගිය මැයි 20 වැනිදා ඩුබායි බලා යාමට නියමිත ගුවන් යානයට ගොඩවීමට කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදී ඔහුට ගුවන් තොටුපළට ඇතුළු වීමට අවසර ලැබී නැත. ඔහු ඩුබායි හි සිටින ඔහුගේ ඥාතියෙකු වන බිජේෂ් හමුවීමට බලාපොරොත්තුවෙන් සිට ඇත.

“එක්සත් අරාබි එමීර් රාජ්‍යය තම සංචාරයේ වීසා කාලය සඳහා වලංගු හෝටල් නවාතැනක් හෝ ඩිරාම් ලෙස මුදල් වශයෙන් ඩිරාම් 5000ක් නොපෙන්වා කිසිවෙකුට රට තුළට ඇතුළු වීමට ඉඩ නොදෙන බව ගුවන් තොටුපල කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළේය” යනුවෙන් බිජේෂ් පැවසීය. “ඔහු ළඟ රුපියල් 50,000 ක් තිබුණා, නමුත් ඔවුන් කිව්වා ඔහුට ඩිරාම්වලින් මුදල් ඉදිරිපත් කළ යුතුයි කියලා.”

බිජේෂ් පැවසුවේ ඔහු සහ ඔහුගේ මිතුරන් විසඳුම් ලෙස මෙම ලිපි ලේඛන සකස් කිරීමට උත්සහ කරන බවයි. “අභිෂේක් ඔහුගේ මාමා සමඟ ඩුබායි හි සිටීමට නියමිතව තිබුණි.

“අපි වහාම ඔහුගේ එමිරේට්ස් හැඳුනුම්පත සහ රැඳී සිටීමේ සාක්ෂි ඇතුළුව මාමාගේ සියලු තොරතුරු යැව්වෙමු. නමුත් කොචින් ගුවන් තොටුපළේ බලධාරීන් ඔහු අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කරන තුරු ඔහුට ගුවන් යානයට නැගීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක සිටියහ,” බිජේෂ් පැවසීය.

ඔහුගේ ගුවන් ගමන සිදු කිරීමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් යානයට ගොඩවීමට ඔහුට නොහැකි වූ අතර, අභිෂේක්ට ඒ සඳහා වියදම් කළ මුදල අහිමි විය.
“අපි ඩුබායි හි ස්පයිස් ජෙට් කාර්යාලයට ගොස් මුදල් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමු,” බිජේෂ් පැවසීය. “කෙසේ වෙතත්, ඔවුන් පැවසුවේ නීති ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ට කළ හැකි කිසිවක් නොමැති බවත් එය පරීක්ෂා කිරීම මගියාගේ යුතුකම බවත්” බිජේෂ් පැවසීය.

මේ වන විට අභිෂේක් ඩුබායි වෙත පියාසර කිරීමට අරමුදල් සකස් කර නව ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට බලාපොරොත්තු සිටී.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෂෙයික් රෂීඩ් වීදියේ කිලෝමීටර් 9ක කොටසක් LED තාක්ෂණයෙන් ආලෝකකරණයට
Next Article පෘථිවියට සමාන ග්‍රහලොවක් සොයා ගැනේ.
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.