පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගැනීමට යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයකින් හැකි වී ඇත.

මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ග්ලීස් 12 බී (Gliese 12b) ලෙසය. මේ දක්වා හමු වූ පෘථිවියට සමාන සහ ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවට මෙම ග්‍රහලෝකය උපකල්පනය කර ඇත.

එම ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ. මෙම ග්‍රහලෝකය පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටා ඇති බවත්, එම නිසා ග්‍රහයා සමීපව නිරීක්ෂණයට බාධා ඇතිවී තිබෙන බව විද්‍යාඥයින් පවසයි.

සෑම දින 12.8කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන අතර එය පෘථිවියට සමාන විශාලත්වයක් දරණ බවද සඳහන්ය.
අනාගතයේ දී ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි දියුණු දුරේක්ෂ භාවිතයෙන් එහි වායුගෝලය සහ ලක්ෂණ අධ්‍යයනය කිරීමට විද්‍යාඥයෝ උත්සහ දරති.

Share.

Comments are closed.