Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»එමීර් රාජ්‍යය  2024 මැයි 27 – මැයි 31 කාලගුණ අනාවැකිය
Weather

එමීර් රාජ්‍යය  2024 මැයි 27 – මැයි 31 කාලගුණ අනාවැකිය

kumudikaBy kumudikaMay 27, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය ඉදිරි සතිය සඳහා කාලගුණ අනාවැකිය නිකුත් කර ඇත.

මැයි 27 සඳුදා

වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල මීදුම ඇති වීමේ සම්භාවිතාව සමඟ උදෑසන ආර්ද්‍රතාවය වැඩි වනු ඇත. සමස්තයක් වශයෙන් සෞම්‍ය  කාලගුණයක් අපේක්ෂා කෙරේ.
සුළඟ සැහැල්ලු මට්ටමේ සිට මධ්‍යස්ථ මට්ටමට ලඟා වන අතර ගිනිකොන දෙසින් හමන සුළං වයඹ දෙසට ගමන් කරයි. වරින් වර ඇති වන නැවුම් සුළං සමඟ දූවිලි හමා යයි. සුළගේ වේගය පැ.කි.මී. 10 ත් 25 ත් අතර විය හැකි අතර, පැයට කිලෝමීටර් 40 දක්වා වේගය ඉහළ යනු ඇත.
මුහුද මධ්‍යස්ථ මට්ටමේ පවතින අතර, විටින් විට රළු වේ.

මැයි 28 අඟහරුවාදා
සාමාන්‍යය කාලගුණයක් පවතින නමුත් විටෙක දූවිලි සහිතය විය හැක. උෂ්ණත්වයේ සුළු පහත වැටීමක් අපේක්ෂා කෙරේ.
මධ්‍යස්ථ සුලඟ නිරිත සිට වයඹ දක්වා හමා යයි. සමහර අභ්‍යන්තර ප්‍රදේශවල දූවිලි හා වැලි සුලං හමා යාමට ඉඩ ඇත. සුළගේ වේගය පැයට කිලෝමීටර 15 සිට 25 දක්වා පරාසයක පවතිනු ඇති අතර වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යනු ඇත.
අරාබි ගල්ෆ් ප්‍රදේශයේ මුහුද රළු තත්ත්වයක් අපේක්ෂා කරන අතර ඕමාන් මුහුද සුළු වශයෙන් රළු ස්වභාවයක් ගනී.

මැයි 29 බදාදා

වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල මීදුම හෝ මීදුම ඇතිවීමේ හැකියාවක් සමඟ උදෑසන ආර්ද්‍රතාවය වැඩි වනු ඇත.
සුළඟ මධ්‍යස්ථ මට්ටමේ පවතින අතර නිරිත සිට වයඹ දක්වා සුළං හමා යයි. සුළගේ වේගය පැ.කි.මී. 15 ත් 25 ත් අතර විය හැකි අතර පැයට කිලෝමීටර 40 දක්වා වේගය ඉහළ යනු ඇත.  උදෑසන කාලයේදී රළු කාලගුණයක් අපේක්ෂා කරන අතර අරාබි ගල්ෆ් ප්‍රදේශයේ මුහුද මධ්‍යස්ථ තත්ත්වයේ පවතී. ඕමාන් මුහුදේ ස්වභාවය තරමක් දුරට රළු වේ.
මැයි 30 බ්‍රහස්පතින්දා

වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශවල මීදුම හෝ මීදුම ඇතිවීමේ හැකියාවක් සමඟ උදෑසන ආර්ද්‍රතාවය ඉහළ මට්ටමක පවතිනු ඇත.
නිරිත සිට වයඹ දක්වා සුළං හමන අතර, එහි වේගය පැයට කිලෝමීටර 15 සිට 25 දක්වා ද උපරිම වේගය පැයට කිලෝමීටර 30 දක්වා වනු ඇත.
අරාබි බොක්ක සහ ඕමාන් මුහුදේ තත්ත්වය තරමක් දුරට රළු වේ.

මැයි 31 සිකුරාදා

වෙරළබඩ සහ අභ්‍යන්තර ප්‍රදේශ වල මීදුම ඇති වීමේ සම්භාවිතාව සමග උදෑසන ආර්ද්‍රතාවය වැඩි වනු ඇත. උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ දවස පුරා සාමාන්‍ය  කාලගුණයක් බලාපොරොත්තු වේ.
සැහැල්ලු මට්ටමේ  සිට මධ්‍යස්ථ මට්ටමට පත්වන සුලඟ ගිනිකොන සිට ඊසාන දෙසට හමා යයි. පැයට කිලෝමීටර් 10 සිට 20 දක්වා වේගයකින් හමා යන අතර පැයට කිලෝමීටර් 30 දක්වා වේගය ඉහළ යයි. අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද යන දෙකෙහිම සුළු කැලඹිලි තත්ත්වයන් අපේක්ෂා කෙරේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රථම වරට පුද්ගලික අංශයේ සේවය කරන එමීර් ජාතිකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවයි
Next Article RTA, Al Qusais හි කාර්මික ප්‍රදේශ 5 ක අභ්‍යන්තර මාර්ග සහ ආලෝකකරණ කටයුතු සම්පූර්ණ කරයි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.