සාජා සිට ඩුබායි දක්වා E611 එමිරේට්ස් මාර්ගය   දින 3කට වසා තබන බව වාර්තා වේ.
එමීර් රාජ්‍යයේ බලධාරීන් අද (28) සිට මැයි 30 බ්‍රහස්පතින්දා දක්වා එමිරේට්ස් මාර්ගයේ  රථවාහන හරවා යැවීම පිළිබඳ  රියදුරන්ට දැනුම් දී ඇත.

බලශක්ති හා යටිතල පහසුකම් අමාත්‍යාංශය නිවේදනය කළේ සාජා හි අල් බුඩයියා අන්තර් හුවමාරුව අසල සේවා මාර්ගයේ දකුණු මංතීරුව ඩුබායි දෙසට යන වාහන සඳහා වසා තබන බවය.
එම නිවේදනයට අනුව මෙම වසා දැමීම, මෙම කාල සීමාව තුළ අවශ්‍ය නඩත්තු කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ මාර්ග ආරක්ෂාව සහතික කිරීම අරමුණු කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

රථවාහන ගමනාගමනය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා දිශා සංඥා අනුගමනය කරන ලෙසත් නව වේග රෙගුලාසිවලට ගරු කරන ලෙසත් අමාත්‍යාංශය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
වේග සීමාව වෙනස් කිරීම නිසා රථවාහන ගමනාගමනයට බලපෑම් ඇති වන අතර
සාජාහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ප්‍රධාන මාර්ග දෙකක් වන, අල් ඉතිහාඩ් සහ අල් වහ්ඩා හි වේග සීමාවන් අඩු කර තිබේ.

මැයි 25 වනදා සිට නව සංඥා පුවරු මගින් පෙන්නුම් කරන පරිදි වේග සීමාව පැයට කිලෝමීටර් 100 සිට පැයට කිලෝමීටර 80 දක්වා අඩු කර ඇතැයි සඳහන්ය.
මාර්ග ආරක්ෂාව වැඩිදියුණු කිරීම සහ අනතුරු අවම කිරීමට මෝටර් රථ රියදුරන් මෙම වෙනස්කම් වලට අනුකූල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම තාවකාලික වෙනස්කම්වලදී මහජනතාවගේ සහයෝගීතාවය සහ අවබෝධය අගය කරන බව පවසන බලධාරීහු කිසිදු අපහසුතාවයක් ඇති නොවන ලෙස තම ගමන් කටයුතු  සැලසුම් කරන ලෙස ජනතාවට උපදෙස් ලබා දුන්හ.

Share.

Comments are closed.