Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනපති ඇරඹු ගාසා ලමා අරමුදල රුපියල් මිලියන 127 ක් වෙයි
Sri Lankan news

ජනපති ඇරඹු ගාසා ලමා අරමුදල රුපියල් මිලියන 127 ක් වෙයි

kumudikaBy kumudikaMay 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයෙන් මාර්තු මස 4 වැනිදා ආරම්භ කරන ලද ගාසා හි ළමා අරමුදලට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් සහ විවිධ ආයතනවලින් මේ වන විට රුපියල් මිලියන 127ක (කෝටි 12.7ක) මුදලක් පරිත්‍යාග ලෙස හිමිව ඇත.

ගාසා තීරයේ පවත්නා යුදමය තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ සිරවී සිටින මිලියනයකට ආසන්න ළමයින්ගේ අසරණ තත්ත්වය මත විශේෂයෙන් ජලය, ආහාර හා වෛද්‍ය පහසුකම්වල හිඟය නිසා ඔවුන්ට මුහුණ දීමට සිදුව ඇති විවිධ දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් මෙම අරමුදල පිහිටුවනු ලැබීය.  ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද හිමිව තිබිණි.

ඒ අනුව ගාසා තීරයේ ළමයින්ගේ සහන කටයුතු සඳහා අරමුදලක් පිහිටුවීම වෙනුවෙන් පසුගිය ඉෆ්තාර් උත්සවය සැමරීම සඳහා ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන මඟින් වෙන්කර තිබූ රුපියල් මිලියනයක මුදලක් පළමු අදියර යටතේ ඉකුත් අප්‍රේල් 01 වැනි දින එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය (UNRWA) හරහා පලස්තීන රජය වෙත භාර දෙනු ලැබීය. ගාසා තීරයේ විවිධ අපහසුතාවන්ට ලක්ව සිටින ළමයින්ගේ මූලික අවශ්‍යතා සඳහා වියදම් දැරීම පිණිස එම අරමුදල් ද ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජය මඟින් ලබාදෙනු ලැබූ එම ප්‍රදානයට අමතරව ගාසාහි ළමා අරමුදලට දායක වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යාපාරික ආයතන, විවිධ සංවිධාන හා පොදු මහජනතාවගෙන් කරන ලද ඉල්ලීම අනුව ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලීන් හා විවිධ ආයතන මේ සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම අරමුදලට ආධාර සපයමින් මේ දක්වා ඒ සමඟ අත්වැල් බැඳගත් සියලු දෙනා වෙත ජනාධිපතිවරයාගේ සහ ජනාධිපති කාර්යාලයේ ස්තූතිය පළ කරන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

එසේම විවිධ පාර්ශ්වයන් වෙතින් ලැබුණු ඉල්ලීම් සලකා මෙම කාර්යය සඳහා මහජනතාවගේ සහ විවිධ සංවිධානවලින් මැයි 31 වැනිදා දක්වා ප්‍රදානයන් භාර ගැනීමට කටයුතු කරනු ලබන අතර ඒ අනුව ඉහත මුදලට අමතරව එදින දක්වා ලැබෙන මුදල් ද එක්කර සියලු පරිත්‍යාගයන් කඩිනමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනය වෙත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටී.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක සෞඛ්‍ය සමුළුවේ 77 වන වාරය ඇරඹේ
Next Article රාජ්‍ය සේවක වැටුප් විෂමතා පිලිබද සෙවීමට විශේෂඥ කමිටුවක්
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.