Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»අඟහරු ජීවය සොයා යන කණ්ඩායමට ලාංකේය විද්‍යාඥවරියක් එක් වේ
sri Lankan special

අඟහරු ජීවය සොයා යන කණ්ඩායමට ලාංකේය විද්‍යාඥවරියක් එක් වේ

kumudikaBy kumudikaMay 29, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Date: 05-10-2024 Location: Bldg 220 Subject: Crew Photo for HERA Campaign 7, Mission 2 - HERA XXVII 2024 Photo Credit: NASA/James Blair
Share
Facebook Twitter LinkedIn Pinterest Email

NASA ආයතනය විසින් සිදු කරන අඟහරු ග්‍රහයා මත වාසය කිරීමට අදාල පර්යේෂණයට තෝරාගත් සිව් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මේ වන විට ඊට අදාළ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි NASA’s Johnson Space Center නිවේදනය කර ඇත.

මෙම සිව් දෙනාගෙන් යුතු කණ්ඩායමට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති “පියුමි විජේසේකර” ඇතුළත්වේ.
නාසා හි Johnson Space Center හි නිර්මාණය කර ඇති අඟහරු ග්‍රහයාගේ පරිසරයට සමාන සිමියුලේෂන් එකක් වන Human Exploration Research Analog (HERA) හි දවස් 45 ක් ගත කිරීමට පළමුවෙන්ම මෙම කණ්ඩායම ක්‍රියාකරයි.

ඔවුන් මැයි 10වැනිදා සිට ජුනි 24වැනිදා දක්වා මෙම සිමියුලේෂන් එක තුළ පර්‍යේෂණ කටයුතු සිදු කරනු ඇත.

සඳ, අඟහරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමට පෙර ඔවුන් හුදකලාවීම, කුඩා ඉඩක දීර්ඝ කාලයක් සිටීම සහ දුරස්ථ තත්වයන්ට අනුගත වන ආකාරය අධ්‍යයනය කිරීම මෙහිදී විශේෂයෙන්ම අධ්‍යයනය කෙරේ.

මේ වසරේ මෙම පර්‍යේෂණයට සහභාගී වන දෙවන කණ්ඩායම මෙයයි. තවත් කණ්ඩායම දෙකක් මේ වසර ඇතුළත මෙම පර්‍යේෂණයට සහභාගී වීමට නියමිතය.

පියුමි විජේසේකර කැලිෆෝනියාවේ සිලිකන් නිම්නයේ NASA Ames පර්යේෂණ මධ්‍යස්ථානයේ විකිරණ ජෛව භෞතික විද්‍යාගාරයේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ විද්‍යාඥයෙකි.

විජේසේකර සැන් ඩියාගෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් ජෛව ඉංජිනේරු විද්‍යාව පිළිබඳ සිය උපාධිය ද, පෙන්හි පිට්ස්බර්ග්හි කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි ද ලබා ඇත.

ඇයගේ ආචාර්ය උපාධි පර්යේෂණය ශ්වසන රෝග අධ්‍යයනය කිරීම හා සම්බන්ධවය.
පියුමි විජේසේකර දැනට ජීවත් වන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රජය 2025 රජයේ නිවාඩු දින දර්ශනය ප්‍රකාශයට පත් කරයි
Next Article එමීර් රාජ්‍යය ගුණාත්මක මාර්ග සහ පොදු ප්‍රවාහනය සඳහා ඉහළම රටවල් අතර ශ්‍රේණිගත කෙරේ
kumudika

Related Posts

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025

2024 වසරේ එමීර් රාජ්‍යය දළ දේශීය නිෂ්ප්දිතය ඩිරාම් ට්‍රිලියන 1.776 දක්වා ළඟා වෙයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.