Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට නිදහස් වීසා
sri Lankan special

තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට නිදහස් වීසා

kumudikaBy kumudikaMay 30, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන අමුත්තන් ඇතුළු සංචාරකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධනයන් අනුමත කර තිබේ.

එම වැඩපිළිවෙළේ කොටසක් ලෙස ශ්‍රී ලාංකික සංචාරකයන්ට තායිලන්තයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර දින 60ක් දක්වා රැඳී සිටිය හැකිය.

බැංකොක් පෝස්ට් පුවත්පතට අනුව, අන්තර්ජාතික සංචාරකයන් සඳහා තායිලන්තයේ ආකර්ෂණය වැඩි දියුණු කිරීමේ උත්සාහයේ කොටසක් වන මෙම පියවර 2024 ජූනි 1 වැනි දින සිට බලපැවැත්වෙනු ඇත. සංචාරකයන් ආකර්ෂණය කරගැනීම ඉහල නැංවීම සඳහා එරට විදේශ අමාත්‍යාංශය මෙම පියවර යෝජනා කළ බව රජයේ ප්‍රකාශක චයි වචරොන්කේ මහතා සඳහන් කර තිබේ.

තායිලන්ත ආර්ථික වර්ධනය සඳහා මෙම වසරේ සංචාරකයින් මිලියන 36කට අධික සංඛ්‍යාවක් ආකර්ෂණය කර ගැනීම අරමුණු කරගනිමින්, තායිලන්තය දැනටමත් මැයි 26වැනිදා වන විට මිලියන 14.32කට අධික විදේශීය සංචාරකයින් පිරිසක් පිළිගෙන ඇති අතර, එමගින් THB බිලියන 682.9ක් (අමෙරිකා ඩොලර් බිලියන 18කට වඩා) උපයා ඇත.

මෙම වෙනස්කම් සමඟ වීසා රහිත ඇතුළුවීමට සුදුසුකම් ලබන රටවල් සංඛ්‍යාව 57 සිට 93 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මෙම වැඩපිළිවෙල සදහා අලුතින් එකතු කරන ලද රටවලට ශ්‍රී ලංකාව, ලාඕසය, ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, උස්බෙකිස්තානය, ඇතුළු රටවල් 36ක් ඇතුළත් වේ.

එසේම විදේශීය උපාධිධාරීන්ට තම අධ්‍යයන කටයුතු අවසන් කර වසරක් මුළුල්ලේම රට තුළ රැඳී සිටිය හැකි අතර, එය පෙර පැවති ක්ෂණික පිටත්වීමේ අවශ්‍යතාවයට වඩා සැලකිය යුතු දිගු කාලයකි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleක්‍රීඩා සංගම් සම්මේලන 4 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
Next Article ලොව හොඳම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් අතර මුල් තැන අරාබි කලාපයේ ගුවන් සේවාවන්ට
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.