Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»කඳුකර දශකය ව්‍යාපෘතියට රුපියල් මිලියන 9410 ක් ලබා දෙයි
Sri Lankan news

කඳුකර දශකය ව්‍යාපෘතියට රුපියල් මිලියන 9410 ක් ලබා දෙයි

kumudikaBy kumudikaMay 30, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කදුකර දශකය දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන සදහා මේ වසරේ වෙන් කර ඇති රුපියල් මිලියන 10,000 ක මුදලින් මිලියන 9410 ක් ම සංවර්ධන ව්‍යාපෘති සදහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ යටතේ ක්‍රියාත්මත ව්‍යාපෘති සංඛ්‍යාව 13612 කි. මෙම ව්‍යාපෘති ජූලි මස 31 වන දිනට පෙර අවසන් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂිතයි. මෙ වන විට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් එහි පසු විපරම් කටයුතු සිදු කරනු ලබයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් කදුකර දශකය දස අවුරුදු බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩසටහන සදහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 10,000 කි. මහනුවර, මාතලේ, නුවරඑළිය, කලුතර, ගාල්ල, මාතර, බදුල්ල, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ග්‍රාම සේවා නිලධාරී වසම් 97 ක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. නිවාස, යටිතල පහසුකම්, ප්‍රජා සංවර්ධනය හා ජීවනෝපාය සංවර්ධනය ආදී ක්ෂේත්‍ර 10 ක් යටතේ මේ සදහා ප්‍රතිපාදන වෙන් කර තිබේ.

ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව, වෙළෙඳපොළ සංවර්ධනය සහ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපෘති ගණන 1032 ක්. අධ්‍යාපනය සදහා ව්‍යාපෘති 1152 ක් ද පානීය ජල පහසුකම් සදහා ව්‍යාපෘති 676 ක් ද ක්‍රියාත්මකය. සමස්ත ව්‍යාපෘති අතරින් 8140 ක් වූ වැඩි ම ව්‍යාපෘති ගණනක් ක්‍රියාත්මක වන්නේ ප්‍රවේශ මාර්ග පහසුකම් සංවර්ධනය කිරීමටය. කෘෂිකර්මාන්තය සහ කුඩා වාරිමාර්ග සංවර්ධනයට ව්‍යාපෘති 780 ක් විදුලිය සහ පුනර්ජනනීය බලශක්ති සංවර්ධනයට ව්‍යාපෘති 271 ක්  දුරකථන සහ අන්තර්ජාල පහසුකම් සංවර්ධනය සදහා ව්‍යාපෘති 13 ක් ද ක්‍රියාත්මක වේ. සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් සදහා වෙන් කර ඇති ව්‍යාපෘති ගණන 516 කි. පරිසර සංරක්ෂණය සහ ආපදා කළමනාකරණය වෙනුවෙන් ව්‍යාපෘති 88 ක් සහ නිවාස පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ව්‍යාපෘති 944 ක් ක්‍රියාත්මක බව ඇමතිවරයා සඳහන් කලේය.

කදුකර දශකය දශවිධ විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ වැඩිම ව්‍යාපෘති ගණනක් ක්‍රියාත්මක වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේයි. එම ව්‍යාපෘති සංඛ්‍යාව 3146 කි. කෑගල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 2544 ක්, බදුල්ල ව්‍යාපෘති 2208 ක්, රත්නපුර ව්‍යාපෘති 1813 ක්, මාතර ව්‍යාපෘති 1403 ක්, මාතලේ ව්‍යාපෘති 667 ක් වශයෙන් සංවර්ධන වැඩකටයුතු ක්‍රියාත්මකයි. නුවරඑළිය දිස්ත්‍රීක්කය තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 637 ක් වන අතර ගාල්ල දිස්ත්‍රීක්කයේ ව්‍යාපෘති 534 ක්, කුරුණෑගල ව්‍යාපෘති 515 ක් සහ කලුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 132 ක් ක්‍රියාත්මක බව ඇමතිවරයා කියයි. අම්පාර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති 13 කි.

මෙම ව්‍යාපෘතියේ අඩුම සංවර්ධන යෝජනා ක්‍රියාත්මක වන්නේ අම්පාර දිස්ත්‍රික්ය තුළය. මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 150 ට වඩා වැඩි උසින් පිහිටා ඇති කදුකර ප්‍රදේශයය. ඒ යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඇතුළත් වන්නේ එක් ග්‍රාමසේවා වසමක් පමණක් වීම මෙලෙස අඩුම සංවර්ධන යෝජනා ගණනක් ක්‍රියාත්මක වීමට හේතුව බව සඳහන්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලොව හොඳම ගුවන් සේවා ශ්‍රේණිගත කිරීම් අතර මුල් තැන අරාබි කලාපයේ ගුවන් සේවාවන්ට
Next Article අබුඩාබි පොලිසිය මාර්ග නීති කඩකිරීම් සඳහා 50% ක වට්ටම් පිළිබඳ තොරතුරු ප්‍රතික්ෂේප කරයි
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.