Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය ඉහලට
Sri Lankan news

ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය ඉහලට

kumudikaBy kumudikaMay 31, 2024Updated:May 31, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ දෛනික කුකුළු බිත්තර පරිභෝජනය මේ වනවිට මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ දෛනික කුකුළු බිත්තර පරිභෝජනය බිත්තර මිලියන 07ක් වූ අතර පසුගිය මාස කිහිපය තුළ එම ප්‍රමාණය බිත්තර මිලියන 08 ඉක්මවා ඇතැයි එම දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දේ.

සංචාරක කර්මාන්තය වර්ධනය වීමෙන් මෙරටට පැමිණෙන විදේශ සංචාරකයින් ප්‍රමාණය ඉහළ යාම, පසුගිය කාලය තුළ විවිධ හේතුන් නිසා මස් හා මාළු මිල ගණන් වරින්වර ඉහළ යාම මෙන්ම අඩු මිලකට ලබා ගත හැකි වැඩිම පෝෂ්‍ය ගුණයක් සහිත ආහාරය බිත්තර ලෙස පසුගිය කාලය තුළ මහජනතාව දැනුම්වත් වීම කුකුළු බිත්තර පරිභෝජනය ඉහළ යාමට හේතු වී ඇතැයි සඳහන්ය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා , සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවක දීමෙම කරුණු අනාවරණය විය.
කෙසේ වුවද බිත්තර, කිරි හා මස් පරිභෝජන තත්ත්වයන් පිළිබඳව දීර්ඝ කාලයකින් නිසි තොරතුරු සමීක්ෂණයක් කර නැති නිසා ඒ පිළිබඳව පාරිභෝගික සමීක්ෂණයක් සිදු කරන ලෙස ඇමැති අමරවීර මහතා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පශු සම්පත් අංශයට මෙම සාකච්ඡාවේදී උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම දැනට මාසිකව කුකුළු බිත්තර මිලියන 15ක් පමණ අපනයනය කරන බැවින් එම ප්‍රමාණය කිසිසේත්ම අඩු නොකරන ලෙසත්, බිත්තර අපනයනය කිරීම මගින් විදේශීය වෙළෙඳපොළ  තුළ අප රටට හිමි ස්ථානය අහිමි කර ගැනීමට පියවර නොගන්නා ලෙසත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleHamdan Bin Mohammed Smart University  කාබන් විමෝචනය 19% කින් අඩු කරයි
Next Article රුසියන් හමුදාවට යන ලාංකික සොල්දාදුවන් පිළිබඳ රුසියානු තානාපතිගෙන් ප්‍රකාශයක්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.