Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න ඉහල යයි
Sri Lankan news

ලංකාවේ වාර්ෂික ගම්මිරිස් අස්වැන්න ඉහල යයි

kumudikaBy kumudikaJune 2, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ලංකාවේ සාමාන්‍ය වාර්ෂික ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 23,000ක් පමණ වේ. නමුත් පසුගිය වසරේ දී මෙරට ගම්මිරිස් අස්වැන්න මෙට්‍රික් ටොන් 30,000 ඉක්මවා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර ඇත.

2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ ආධාර යටතේ වලස්මුල්ල වරාපිටිය කුරුඳු සැකසුම් කර්මාන්ත ශාලාවේ අගය එකතු කළ නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා අමාත්‍යවරයා පසුගියදා (31) සහාගි වූ අතර එහිදී මෙම අදහස් පළ කළේය.

මෙම කර්මාන්ත ශාලාව මගින් කුළුබඩු වර්ග ගණනාවක් අගය එකතු කරන ලද නිෂ්පාදන වශයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපලට හඳුන්වා දීමට කටයුතු කර තිබේ. තරුණ කෘෂි ව්‍යවසායකයෙක් විසින් මෙම කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 50ක මුදලක් ආධාර වශයෙන් ලබා දී ඇත.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ලෝකයේ හොඳම කුළුබඩු තිබෙන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක වෙළෙදපල තුළ නම් දරා ඇති බව ද ප්‍රකාශ කලේය.

“ලෝකයේ හොඳම ගම්මිරිස්, කුරුඳු ඇතුළු කුළුබඩු තිබෙන්නේ අපේ රටේ. නමුත් අපි තවමත් අපේ නිෂ්පාදන අපනයන කරන්නේ අමුද්‍රව්‍ය වශයෙන්. වැඩි ආදායමක් ලබා ගැනීමට නම් අපි අගයදාම ක්‍රියාවලියට යා යුතුයි. ඒ සඳහා දැන් අපි පියවර ගෙන තිබෙනවා.

මෙම කර්මාන්ත ශාලාවේ කුරුඳු හා ගම්මිරිස් දෙකම අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් නිෂ්පාදනය කරනවා. දැන් පළමුවරට චීනයට මෙම කර්මාන්ත ශාලාව මගින් කුරුඳු අපනයන කිරීම ආරම්භ කරනවා.

ඒ වගේම සමහරු අහනවා ගම්මිරිස් ආනයනය කරනවාද කියලා. ගම්මිරිස් මෙරටට ආනයනය කරන්න කිසිදු අවශ්‍යතාවයක් නැහැ. අපේ ගම්මිරිස් ලෝකයේ හොඳම ගම්මිරිස්. අපිට ඇති තරම් ගම්මිරිස් මේ රටේ තිබෙනවා. දැන් අපිට අවශ්‍ය ගම්මිරිස් වැඩිපුර අපනයනය කිරීමයි. අපි උත්සාහ කරන්නේ ඒ නිසා. ගම්මිරිස් ආනයනය කරනවා කියන වචනයවත් මේ රටේ කියන්න අපි ඉඩ තබන්නේ නැහැ.”
අමාත්‍යවරයා සදහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ කාලගුණය පිලිබඳ රතු අනතුරු ඇඟවීමක්
Next Article වැසි මැද ආපදා හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් වැසේ
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.