Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඕස්ට්‍රේලියානු යුනයිට් පෙට්ට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි
Sri Lankan news

ඕස්ට්‍රේලියානු යුනයිට් පෙට්ට්‍රෝලියම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අරඹයි

kumudikaBy kumudikaJune 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ ආයෝජනයක් සිදු කිරීමට “යුනයිට් පෙට්ට්‍රෝලියම් සමාගම” කටයුතු කරණ බව “යුනයිට් පෙට්ට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්” ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර අත්සන් කරන ලද ගිවිසුමේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ 2024 ජුනි 4 වැනි දින ගිවිසුමකට එළැඹි අවස්ථාවේදීය.

“යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ්” යනු United Petroleum Australia Pty Ltd සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සදහා සංස්ථාගත කර ඇති සමාගමකි.

United Petroleum Australia Pty Ltd ඕස්ට්‍රේලියානු උප මහාද්වීපය පුරා ඉන්ධන පිරවුම්හල් 500කට අධික ප්‍රමාණයක් හිමි ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ඛනිජ තෙල් වෙළඳ සමාගමකි. යුනයිටඩ් සමූහයට ඕස්ට්‍රේලියාවේ සහ සිංගප්පූරුවේ තවත් බොහෝ ව්‍යාපාර ඇති අතර සමාගම ඔස්ට්‍රේලියාවෙන් පිටත සිය සිල්ලර ඛනිජ තෙල් ව්‍යාපාරය පුළුල් කළ පළමු අවස්ථාව මෙයයි. යුනයිටඩ් යනු ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ පරිසර හිතකාමීත්වය කෙරෙහි අවධානය යොමු කරන සමාගමක් බව සඳහන් වේ.

United Petroleum Australia Pty Ltd සමාගමට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සදහා ඉන්ධන බෙදාහැරීමේ හිමිකාරීත්ය පවරා ඇති අතර, යුනයිටඩ් හිමිකාරිත්වය යටතේ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ඉදිකිරීමේ අයිතියද ඇත.

මෙම ගිවිසුමට ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතා අත්සන් තැබූ අතර ආචාර්ය ප්‍රභාත් සමරසිංහ මහතා යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙනුවෙන් අත්සන් තැබිණි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයිනේ අලුත් උද්භිද උද්‍යාන 10 ක්
Next Article ඩුබායි ඉස්ලාම් බැංකුව ‘ඩුබායි පාසල්’ ව්‍යාපෘතියට ආධාර ලෙස ඩිරාම් මිලියන 11ක් වෙන් කරයි
kumudika

Related Posts

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.