Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ධාන්‍ය වර්ග කීපයක් රටින් ගෙන්වීමට අවසර
Sri Lankan news

ධාන්‍ය වර්ග කීපයක් රටින් ගෙන්වීමට අවසර

kumudikaBy kumudikaJune 6, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024-05-01 දින වන විට සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 126 ක් යටතේ වර්ගීකරණය කරන ලද ආහාරයට ගනු ලබන තෝරා ගත් ධාන්‍ය වර්ග සහ භාණ්ඩ වර්ග ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවට යටත් කරනු ලැබ ඇති අතර සංයෝජිත වර්ගී කරණ සංකේතාංක 53 කට අදාළ ව ආනයන පාලන බලපත්‍ර නිකුත් කිරීම දැනට අත්හිටුවා තිබේ.

මෙම පසුබිම තුළ අනීතිකව සිදු කරන ලාභ ඉපැයීම් (කළු කඩ ක්‍රියාදාමය) මුලිනුපුටා දැමීම, නීති විරෝධී ආකාරයෙන් සිදු කරන ධාන්‍ය ආනයනය වැළැක්වීම, අයුතු සහ අසාධාරණ ආකාරයෙන් සිල්ලර මිල ඉහළ නැංවීම වැළැක්වීම හා පාරිභෝගිකයාට දරා ගත හැකි මිලක් සහතික කිරීම සහ යෝග්‍ය බදු අනුප්‍රමාණ හා නිරෝධායන ක්‍රමවේද පැනවීම මඟින් දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම යන බහු විධ අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස ධාන්‍ය වර්ග ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාව ඉවත් කිරීම යෝග්‍ය බව පෙනී ගොස් ඇත.

ඒ අනුව, ජනාධිපති ලේකම්ගේ ප්‍රධානත්වයෙන්  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරයේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ඇතුළු කමිටුවක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ සැලකිල්ලට ගෙන ජාතික ශාක නිරෝධායන සේවය මඟින් නිකුත් කරන ලද ජාතික ශාක නිරෝධායන බලපත්‍රය ඉදිරිපත් කිරීමට යටත්ව සහ කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ මත පදනම්ව දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා වන පරිදි අවශ්‍ය පියවර ගනිමින් මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රට කජු ආනයනය සඳහා වන ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාව ඉවත් කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෆුජයිරා සංඛ්‍යාලේඛන මධ්‍යස්ථානය 2024 සඳහා  ආර්ථික සමීක්ෂණයක් අරඹයි
Next Article එමීර් රාජ්‍යයේ ඉදිරි කාලගුණය
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.