Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»“නසාවු කවුන්ටි” ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව ICC ය ප්‍රකාශ කරයි
Sports

“නසාවු කවුන්ටි” ක්‍රීඩා පිටිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව ICC ය ප්‍රකාශ කරයි

kumudikaBy kumudikaJune 7, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටා ඇති නසාවුකවුන්ටි(Nassau County) ක්‍රිකට් පිටියේ තණතීරු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර ඇත.

එම ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සෙසු තරග සම්බන්ධයෙන් ඔවුන් වෙනත් විකල්පයක් සොයන බව, ක්‍රීඩා මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.

ඉන්දියාව සහ අයර්ලන්තය අතර පැවැති තරගයෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව දැක්වේ.

“නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මෙතෙක් භාවිත කළ තණතීරු අපට අවශ්‍ය තරම් ස්ථාවර ලෙස ක්‍රීඩා කර නැහැ.”

ඉන්දිය – අයර්ලන්ත තරගය අවසන් වූ මොහොතේ සිට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණ සකස් කිරීමේ කණ්ඩායම් මෙම තත්වයට පිළියම් යෙදීමට සහ ඉතිරි තරග සඳහා හොඳ තණතිල්ලක් ලබා දීමට කටයුතු කරමින් සිටිති.

නිව් යෝර්ක්හි පිහිටා ඇති මෙම ක්‍රීඩාංගණය මාස පහක් තුළ ඉදිකරන ලද බව සඳහන් වේ.
ෆ්ලොරිඩාවේ දී නිර්මාණය කළ තණතීරු අදාළ ස්ථානයට රැගෙනවිත් තබා ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තාවල දැක් වේ.

මෙම ක්‍රීඩාංගණයේ ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළමු තණතීරුවේ පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකාව ලකුණු 77කට දැවී ගිය අතර එම දකුණු අප්‍රිකාව එම ඉලක්කය සපුරා ගැනීම සඳහා පන්දුවාර 16.2ක් වැය කිරීමත් විශේෂත්වයකි.

පසුගිය 05 වැනිදා සිව් වන තණ තීරුවේ ඉන්දියාව සමඟ පැවැති තරගයේ දී අයර්ලන්ත කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 96ක් පමණී.
එම තරගය ඉන්දියාව කඩුලු 08කින් ජයගත්ත ද රොහිත් ශර්මා ආබාධයකට ලක් වූ ක්‍රීඩා පිටියෙන් ඉවත් විය.

රිෂාබ් පාන්ට්ගේ ශරීරයට පන්දුව වැදුණු බවද සඳහන්ය.

ජස්ප්‍රිට් බුම්රාගේ තියුණු බවුන්සර් පන්දුවක් අයර්ලන්ත ක්‍රීඩක හැරී ටෙක්ටර්ගේ ඇඟිල්ලේ වැදී ඇත. මෙම තණතීරුව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ විවේචනයට ලක් විණි.

ESPNcricinfo හි Timeout වැඩසටහනට එක්වෙමින් සිම්බාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඇන්ඩි ෆ්ලවර් ප්‍රකාශ කර තිබුණේ, මෙහි හැසිරීම භායනක බවයි.

මෙහි දෙවන සහ තෙවන තණතීරුවල මේ දක්වා කිසිදු තරගයක් පවත්වා නොමැති අතර එහි තණකොළ කපා දමා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවට ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

නිව්යෝර්ක් ක්‍රීඩාංගණයේ ජුනි 9 වැනිදා ඉන්දියාවට එරෙහිව පාකිස්තානය ඇතුළු තවත් කණ්ඩායම් තරග හයක් පැවැත්වීමට නියමිත වේ.

Asia Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආනයනය තහනම නොතකා වාහන 44,430 ක් වෙළඳපොලේ
Next Article ගරු හම්දාන් බින් මොහොමඩ් මහතාගෙන්  ඩුබායි රජයේ සේවකයින්ට ජුනි මස වැටුප් ඉක්මනින් ලබා දෙන ලෙසට උපදෙස්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.